කොවිඩ් මරණ 40%කින් පහ­තට | සිළුමිණ

කොවිඩ් මරණ 40%කින් පහ­තට

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත දෛනික මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමට පහළ බැස ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලින් අනාවරණය වේ. ඉකුත් අගෝස්තු මාසයේ දින 31 තුළ පමණක් මෙරට කොවිඩ් ආසාදිත මරණ 4,764ක් සිදුව ඇති අතර සැප්තැම්බර් මස 1-22 දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,044කි.

අගෝස්තු මස 20 වැනිදා රාත්‍රියේ සිට රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමඟ මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ක්‍රමිකව අඩු වන්නට පටන් ගැනිණ. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ 2 වැනි සතියේදී කොවිඩ් මරණ 1,649ක්, 3 වැනි සතියේදී 1,185ක්, 4 වැනි සතියේදී මරණ 906ක් ලෙස පහළ බැස්සේය. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන 5 වැනි සතිය ආරම්භ වූ සැප්තැම්බර් 18 වැනිදා සිට 22 වැනිදා දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව 426කි.

දින 39කට අධික කාලයක් 200-150 සීමාවේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව පළමු වරට සියයේ සීමාවට පැමිණියේ ඉකුත් 19 වැනිදා සිදුව ඇති මරණ 93ත් සමඟය. මේ අතර ඉකුත් 21 වැනිදා දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1,321ක් ලෙස වාර්තා වීමත් සමඟ දින ගණනාවකට පසු දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ද 1,500 සීමාවට පැමිණියේය.

Comments