කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

 යායක මල් නෙළමු

හිත­යට තිබුණු මුත් ඔබ ගැන අම­නාපේ
මත­කෙන් නොයයි නැති වුණ දා වන සාපේ
වත සැඟ­විලා අව­ල­ස්සන වන රූපේ
කොත­නින් නතර වෙද මේ ගෙවනා පාපේ

දව සක් ගෙවී යයි අද බීති­යෙන්ම පිරිසක්
මා ළඟය හැම ජාති­යෙන්ම
වරදක් වුණත් පැති­රෙන වාත­යෙන්ම
අප එක් වුණා පව­තින නීති­යෙන්ම

ඔබ ළඟ සිටින මුත් මා නීතිය අනුව
ඇස අග කඳුළු බිඳු තව­මත් ඇත ඉනුව
හරි මඟ නොදැන සිදු වුවොත් ගනු­දෙ­නුව
ළඟ ළඟ බිඳ වැටෙයි මාළිග ඔබ තැනුව

මෑ තක සිටන් මට සල­සන රැක­ව­රණ
සාදක බොහො තියේ වළ­කන බව මරණ
නෑ සැක ඔයා ගැන නිති මා හා සරණ
යායක මල් නෙළමු අපි ‘මුව ආව­රණ‘

අමර පී. වීර­සිංහ

-------------------

බිඳුණු සිති­විලි

මල් පිපු­ණට තිසා වැව වටේ
පිපුණු කුසු­මෙහි සුවඳ දස අතේ
මඩෙන් ගොඩ වී යන්ට ආවත්
ඉතුරු වුණේ අද දුකම පම­ණයි...

පීපී හින­හෙන මල් නෙළ­න්නට
විල් තෙර අභි­යස රඟන රැඟු­මන්
පෙති තලා සුවඳ අර­ගෙන නුඹේ
යන්න යාවි ඉගිල්ලී හිමි­හිට නුඹේන්...

නෙක පාටින් වර්ණ තැව­රුණු
තිසා වැවේ පිපුණු මල් අතරේ
නුඹේ පර වුණු මලත් පාව යාවි
බිඳුණු සිතු­විලි පම­ණක් ඉතිරි කර..

ශෂී විජේ­රත්න

---------------

තණ­මල් විල වනය මැදින්

රූස්ස පළු ගහක ගෙප­ළක මැටි බැද
අට්ටා­ල­යක සිට රුදු වන සතුන් මැද
දෛවයේ සර­ද­මට ලක්වුණු පවින් අද
අම­තමි ඔබට හද වේදන වෙතින් හිඳ

නෙළු­මක මත පතිත පිණි මෙන් පිපෙන උදේ
පෙම පිවි­තු­රුය කිය­මින් ලියූ සොඳුරු ළඳේ
පද­නැ­දු­රෙ­කුගෙ නැටු­මට ගොස් අනුව පදේ
සිදු වුණු සියලු දේ ඔබෙ වැනැ­සු­මය හොඳේ

විදු­බිමේ ගුරු නිවස කුස්සිය ඇසළ ගස
කුඹුක් වන­ස්ප­ති­යද රැඳි පොකුණ අස
දැන් තිබු තැන­ක­වත් නොමැ­තිය ගැසුන ඇස
සැප­තක් පැතුව කෝ පාළුව තනිය මිස

ධම්මි ගමේ නැත ආගිය තැනක් නැතත්
පර­ළොව බලා සොයු­රියෝ දෙදෙ­නාම ගියත්
සුන් වූ පැතුම් මැද කර ජීවි­තය දියත්
තණ­ම­ල්විලේ නා ලිය වන මැදය සුගත්

දිවි­යම ගෙවෙන්නේ කවි­කම නිසා­වෙනි
හිරු පායන්නේ හෙට­ටත් පෙර දිසා­වෙනි
කවි සිළු­මි­ණෙන් දැක අද සතු මෙයා­යෙනි
පිළි­තු­ර­කට ඉසවි ලිපි­නය සොයා ගනී

තෙප්ප­නාවේ ගුණ­ව­ර්ධන

----------------

තාත්තා මැණි­කක්

කාත් කවු­රුත් නෑ වගේ දැනු­නම හිතට
මාත්, අම්මත්, නංගිත් ඇඬුව හරි­යට
රාත්‍රිය නැති­වම අඳුරු හෙව­ණැලි ඇති­කොට
තාත්තා නික්ම ගිය අද දිනේ දහ අට

හිතෙන හැම­දේම දුන්න එක සතු­ටක්
මෙතන දැන් ඔබ නැතිව ඉන්න එක මහ දුකක්
තාත්තා සමු අරන් අදට අවු­රුදු අටක්
හිටි­ය­නම් තාත්තට වයස දැන් හැට අටක්

හැම තැනම මැවෙන්නේ රිද­වනා මතක
මම තාම හිතන්නේ අපි ඉන්නෙ හීනෙක
නම කියල පින්දුන්න පංසලේ කොනක
සාදු කිය­නව ඇහුනෙ තාත්තද හනික

එකල ඔබ හුන් අව­දියේ තාත්තේ පුදු­මයි
සකල නෑසිය වරුන් ගේ පුරා පිරු­නයි
මෙකල නුදු­රින් තියන ගේට්ටුව නිහ­ඬයි
අගුල හෙළ­වෙන හඬක් නෑසෙනා ගානයි

මෙතන මැද සාල­යක උඩු­කු­රුව හිද දිනක්
අමොද ලොව්තුරු සුවය ගැන කියා රහ­සක්
නොදැන අපි විදි ළසොව ඔබ ගියා ගම­නක්
කොතන හිටි­යත් අපිට තාත්තා මැණි­කක්

තරං­ගනී දිල්රුක්ෂි ජය­සේන
 

------------------

මුළා වීම

පෙර භව­යන්හි කුස­ලය නිති ඵල දෙනවා
කර ඇති පවද මග හැරු­මට බැරි වෙනවා
තර කර ගන්න දෙය මත සැම සිදු වෙනවා
තොර කර ගැනුණ හොත් දිවි­යද පව එනවා

මනු ලොව සත දනන් තර­ගෙකි සිදු කරනා
එනු බව දැනද මර­ණය අම­තක කරනා
මනු ගුණ දම්ද සැම විට පසෙ­කට දමනා
ගුණ මකු කම්ද රිසි ලෙස හිස­මත තබනා

රැස් කර ගනු ලබයි ධන මන­දොළ පිරෙනා
එක් කර ගනු සිතයි තන්ණහා පොදි බඳිනා
පස් යට කරනු මේ කුණු­කය ගැන නො සිතනා
දික් කර ගනු ලබයි සස­රම අත් නො හලනා

ආවත් රුපු ලෙසින් තන්ණහා පොදි බඳිනා
නාවත් පිං සිතුම් දිවි­යම සරු කරනා
ආවොත් මෙත් වැඩුම සත­හට සෙත් පතනා
නැහැ­වෙයි මුළු දිවිය දම් ගඟු­ලෙන් සොඳි නා

සජිත් පුෂ්ප­කු­මාර

---------------

උසම අත්තක

පිපුණ පොකු­රක
එක් මලෙකි
අර­ලි­යා­වක්...
අත පොවනු හැකි දුරක
පිපුනු තනි මලකි
තවත් එක
අර­ලි­යා­වක්...
රළු පොළො­වක් මතට
වැලි මළු­වක් මතට
සැඩ දිය පහ­ර­කට
වැටි ඇත
තවත් අර­ලි­යා­වක්...
විසල් නහ­රෙක
දුහු­විලි තැව­රුණු
මලක් නොවුණු මලකි
තවත් එක අර­ලි­යා­වක්...
සුසා­නෙක
පස් පිඩැ­ල්ලක හිර කළ
අව­සාන සුසුම් සිඹින
තවත් අර­ලි­යා­වක්...
අතර...
දෝතින්ම නෙළා
පුද­සු­නක හිහැ­හෙයි
පහන් හැඟු­මෙන්
තවත් එක් අර­ලි­යා­වක් ...

අයෝමා රණ­සිංහ
 

---------------------

සෙනෙ­හස් සුවඳ

හරි­ය­ටම මතක නෑ
දණ­ගාපු කාලෙ මං
හරි දඟයි කිය­ල­නම්
ගොඩක් අය කිය­නවා

වැටි වැටී නැගි­ටිද්දි
දනිස් දෙක අත­ගගා
අත දුන්නෙ නුඹ තමයි
ඒක නම් දන්නවා...

හිත හීන පස්සෙ ⁣යන
ටිකක් ලොකු කාලේ මට
හිල්වෙන්න ටොකු ඇන්නා
අද වගේ මැවෙ­නවා

එදා ඒ ඇන්න ටොකු
වලට පිං සිද්ධ­වෙයි
අද හුඟක් තැන් වලදි
මං තනිව හිත­නවා...

පැත්ත­කින් නුඹ ඉන්න
දැන් හුඟක් ලොකුයි මං
මගේ වැඩ කර­ගන්න
තනිව මම හිත­නවා

පුරුදු සෙනෙ­හස් සුවඳ
හිත හිතා මං ගැනම
අදත් මා පසු­ප­සින්
නොනැ­ව­තිම හම­නවා...

එරංග මධු­සංඛ

--------------

මලේ කතාව

"මේ තරම් සොඳුරු
මලක් පිපුණෙ ඇයි
කටු පිරි ඔබෙ නටුවේ?"
බඹ­රෙක් ඇසුවා නටු­වෙන්

"අතින් අත නොයා
ඒ මල රැකුණේ
මගෙ නටුවේ කටු
තිබුණ නිසයි "
නටුව පැව­සුවා තුටින්

අංජලි චන්දිමා සිල්වා

---------------

තාත්තා

හිරු ඇහැ­රෙන්න පෙර පිබි­දෙන හිරුය නුඹ
හෙළනා දහ­දියේ පොහො­රින් දිලෙයි කෙත
සැඩ හිරු ළං වෙවී දැවු­වත් දුබල කය
සම­නොළ කන්ද සේ නොසැලී ඉදියි නුඹ

අනු­රාධා ගුණ­සේ­කර

--------------

වෙනස

කලක් ගත වුව
රුවින් දිදු­ලන
මලක් උඩ­වැ­ඩියා..

ගසක් මුඳු­නෙම
මසක් උඬ­ගුව
සුපි­පිලා තිබුණා
දිනක් අවු­දින්
පෙතිත් හකු­ලන්
පර­වෙලා ගියදා
කිසිත් සුව­ඳක්
මතක් කළ­හැකි
නොති­බුණා තියලා...

රැයක් පම­ණක්
ගසක් සැර­සුව
පරි­ජාත කුසු­මක්
නැඟෙ­ද්දිම හිරු
කිසිත් නොදො­ඩම

තුරු හිසින්
බැස ගොස්
යද්දි පරවී
පෙතිත් හැකිළී
අනුව ලෝ දහ­මන්
ඉතිරි කර ගොස්
තබා තිබුණා
නිරා­මිස සුව­ඳක

මනෝරි ගමගේ

---------------

නුදුටු පැත්ත

පළමු පෙමක අගේ
හරි­ය­ටම දැනෙන්නේ
ලැබුණු මිනි­සු­න්ට­වත්
නොලද මිනි­සු­න්ට­වත්
නොවේ හිත­වත
ලැබී අහි­මිව ගිය
සොඳුරු මිනි­සුන්ට.....

ආද­රය හිත­කට එකයි
හිතැති ළඳ­කට පුදන
විඳිනු මිස විඳ­වන්න
නොවේ ජීවි­ත­යට
විරහ දෙනු සිත­කට
පාප­යකි නර­ක­යට

ජය­සේන කොඩි­තු­වක්කු

--------------

මා හද­වත රාග­යෙන් තොරයි

නොසිතූ දින­යක නොසිතූ මොහො­තක
අප හමු­වු­වද අහඹු ලෙසින්
එදා මෙන්ම අද සිත අය­දින්නේ
නොවෙ­නස් සොහො­යුරු පෙම පමණී...

තනිව යන මගේ බාධක ජය­ගෙන
නොබි­යව පිය මැන යන්න සිතා
මට ළෙන්ගතු වූ ඔබගේ දෑතෙහි
රැක­ව­ර­ණය නිති හද පැතුවා...

චංචල මන­සින් සසල වූ දෙනෙ­තින්
දුටු­වද ඔබ එය වැරදි ලෙසින්
එපා බල­න්නට එලෙ­සින් මා දෙස
මා හද­වත රාග­යෙන් තොරයි...

කල්යාණි විද්‍යා­රත්න

---------------

අකු­රට යන අල්ති­නායි

අශ්ව­ගාල ඉස්කෝලේ
මවු ඇකයේ නැළ­වීලා
දුප්ප­ත්කම පෙර­න්ගාලා
කඳුළු බිංදු අකුරු කළා
සර­සවි බිම නැණ වඩන්න
අයි­ලයේ මායිම පැනලා
ගුරු තරු­වෙන් සමු­ග­නිද්දි
ඇඬුවා ඇය කඳුළු සලා...

බොරලු ඇනෙන දෙපා
රිදුම් මිහි­මව සිත පෑරිලා
පොප්ලර් ගස්ගාව ඇගේ
කඳුළු බිංදු සැඟ­වීලා
ආදී මිනිසා පොළව දිනුවා
අහසේ තරු රටා දැකලා
ස්ටෙප්ස් තණ ඉහළ අහස
දිණුවේ නැණ පියා­සලා...

කන්ද උඩින් බැස ඇවි­දින්
තුරු වදුලේ නැළ­වෙන සඳ
නැළ­විලි ගී රාව උඩින්
නෙත්විල මිණි දිලි­සු­නාද
කොක්කු ඇවිත් පාන්ද­රින්
සිහින පැතුම් සිත් අහ­සට ඉගි­ළු­නාද
ඔටුන්න හිස දා එන මඟ
අම්මා ළඟ ඉන්න­වාද...

නිල්මිණි කුමාරි

---------------

මතු


එන ආත්මෙත් අපිට
මේ විදි­හ­ටම
මීටත් වඩා
ආද­රෙන් හිටි­යැකි...

එපා
පුළු­වන් තරම්
ආදරේ වෙන්න
මේ ආත්මෙම මම
අනා­ත්ම­වා­දි­යෙක්...

අමා ඔවිනි අලුත්ගේ

----------------

කල්පා­න්තය

අලුත් අලුත් වෙසින්
තැනින් තැනින් නැඟේ
නිමක් කොනක් නොවේ
ගෙනෙයි මහත් විපත්...

කෙමෙන් කෙමෙන් හොඳින්
බලා හැඳින එකෙක්
නසන්ට ඔසු සැදෙත්
වෙනස් එකෙක් නැඟේ....

ගෙවා නැතක් කලක්
ලැබූ මහත් දැනුම්
පලක් නොවේ කියා
විකල් සිනා නඟයි...

සොබා දහම් දපා
අපියි වඩා උසස්
කියු මිනිස් සතුන්
කුදු­යිද කොයි තරම්....

දැවේ ලිපේ ගිණිත්
නටන්ට දිය ළඟයි
අහෝ කටක නැටුම්
තවත් නොවේ නිමක්....!

කුමු­දිනී වේලා­රත්න

-----------------------

නමක් අහිමි කවක්....

නුඹ ගියත් නැති­වම පසු­ග­මන්,
පාවාඩ පොරි ඇට....
පැර­දු­නත් මගේ පුතේ උඹ අද
ගත් එක හුස්ම­කට....

තවම ගෙයි කාමර පුරා ඔය
සුවඳ දැනෙ­නවා අම්මට...
පණ දෙන්න කවු­රු­වත් නැති­වුණි
මගෙ සාම­කු­ම­රුට...
මහ­මෙ­රක්, නුග රුකක් වාගෙයි
දැනුනෙ උඹ අම්මට...

ඉඩ තිබුණ නං මං යනව
රත්තරං උඹ වෙනු­වට...
හිත දවයි නැව­තිලා නෙත්
තාත්තා ලියූ පද පෙළ­කට...
තවම දොර මත තියෙ­නවා
"බාල­ගිරි අද නොවෙයි හෙට"

පුෂ්ප­ශාන්ත සම­ර­නා­යක

-----------------------

පස­ළො­ස්වකේ පුන් සඳ

පුරා­විදු මහැ­දුරු
සෙන­රත් රුවට රුව හුරු
"පත්තර කලා ගුරු"
"ගුණ රත්න" විය­තෙකි
ගුණෙන් සරු

පෙනු­මට රළු යැ තද
දෙඩුම ද තද යැ ඒ ලෙද
එ නමුදු තෙත් යැ හද
"පුවත් පස­ළො­ස්වකේ පුන් සඳ"

කුබස ගඳ මළ­කුණ
විලස කුණු පැස ලන සැණ
සුබස් සුග­ඳිනි දන
පිබි­දැවී පන්හි­ඳට දී පණ

"ඩබ්ලිව් ජී" කියන
කෙටි නම නමෙකි නොමැ­කෙන
"පුවත් ලොව සිළු­මිණ "
කදිම ගරු නම ඔබට ගැළැ­පෙන

ඉංගි­ලි­සිය ද හුරු
පන්හිඳ ඔබේ ගරු සරු
කොර විණි ළඟදි බොරු
අසි­ප­තෙකි දුටු කලදි
රජ හොරු

තන­තු­රෙන් බැබ­ළුණු
පුහු මල් අතර සුපි­පුණු
නිල­යට සුගඳ වුණු
ඔබට නියත යැ නිවන හිමි වනු

තිලක නව­මිණි
 

--------------------

සතුරු සුළඟ

ගස තම අතු­අ­තින්
බදා­ගෙන තුරුල් කර­ගෙන සිටී
ආද­රයේ සල­කුණ මම
පෙති විදා හිනැ­හෙද්දි

ගිලිහී අතු­අ­තින්
වැටිණ ගස මුලට
එහි කඳේ­වත්
ගෑවි ගෑවී ඉන්න
සොබා­දම් නියම ලෙස...

නමුදු මේ
සතුරු සුළ­ඟක් ඇවිත්
එතැ­නි­නුත්
මා රැගෙන යයි
තනින් තැන තවම
ලබා දෙනු පිණිස
මට නරක නම...

කේ. පී. ඩබ්. ප්‍රියන්ත ජය­ලත්

------------------

සතුරු සුළඟ

ගස තම අතු­අ­තින්
බදා­ගෙන තුරුල් කර­ගෙන සිටී
ආද­රයේ සල­කුණ මම
පෙති විදා හිනැ­හෙද්දි

ගිලිහී අතු­අ­තින්
වැටිණ ගස මුලට
එහි කඳේ­වත්
ගෑවි ගෑවී ඉන්න
සොබා­දම් නියම ලෙස...

නමුදු මේ
සතුරු සුළ­ඟක් ඇවිත්
එතැ­නි­නුත්
මා රැගෙන යයි
තනින් තැන තවම
ලබා දෙනු පිණිස
මට නරක නම...

කේ. පී. ඩබ්. ප්‍රියන්ත ජය­ලත්

------------------

පහන් හැගුම

සිත තාම ළෙන්ග­තුයි
නෙතු යොමන් සිටින විට
ජීවි­තය විදි­න්නට...
අහස් ගැබ පුරා­වට
කළු වළා රැදු­නාද
අඩ­න්නට කඳුුළු කෝ...

නිහඬ බව රජ කරන
මේ පාළු හෝරාවේ
අතී­තය ඉකි­බි­දියි ...
පිපි මලක සිනා­වත
මුළු සිත ම ගොළු කළත්
වෑය­මෙන් සිනා­සෙමි
හෙට දිනට

නයන්ත ජගත්
පුංචි­හේවා

--------------

කවි හඬ  නඟ­යිද?

හඬ නඟන්න .
උස් හඬින් කෑ ගස­න්නට
වුව­මනා මුත්
උගුර වියළී තිබෙයි
ඉතින් ඕලා­රි­කය
හඬ නිහ­ඬය...

පොතක ඇති වදනක්
වුණත්
මහ හඬින් කියන්න ට
හැකි නොවේ මට
මිතු­රන් ඉදි­රියේ වත්
සැඟ­වෙමි
මුහුණ වසා­ගෙන ....

කාගෙදෝ වර­ප­ටක්
මගෙ කටේ හිර­වෙලා
යැයි සිතේ
හඬ නඟන කම්හල්
නිහඬ කළ ස්ත්‍රීන්
පැමි­ණෙ­තිය ගේ දොරට
ගිල දමා­ගෙන වචන
හඬ නඟන විටදි කවි
එකතු වේ ඒ වදන්
නිරු­ත්සා­හ­යෙන්...

ඇගේ පීඩාව
පැව­සිය හැකිද
එම­ඟින් ?

Victoria Guerro
කිවි­ඳිය ගේ නිර්මා­ණය

Victoria Guerro පේරු ජාතික කිවි­ඳිය කි. ඇඟලුම් කම්හල් හි සේවය කරන ශ්‍රමික ලියන් පිළි­බ­ඳව ලියැ­වුණු මේ අපූර්ව කවිය ඉංග්‍රීසියට පරි­ව­ර්ත­නය කරන්නේ අමෙ­රි­කානු කිවි­ඳි­යන් දෙප­ළක් වන Anastatia Spicer හා Honora Spicer ය.

අනු­ව­ර්ත­නය .
සමන් ගුණ­හේ­රත්

----------------------------------

කෘතිය - මල්වට්ටිය යට පිස්තෝලය

දිමුතු ප්‍රදීප් ජයසිංහ

මිල රුපියල් - 250/-

සන්ථව ප්‍රකාශන

 

“මල් වට්ටිය යට පිස්තෝලය “ මාතෘකාව දුටු විට එකවරම ඇතිවන්නේ චකිතයකි. නමුදු එසේ විය හැකියැයි ද ඊට මොහොතකට පසු සිතේ. තවත් විටෙක හැගෙන්නේ මෙහි ඇත්තේ උත්ප්‍රාසය කියා ය. කෙසේ සිතුවත් මල් වට්ටිය යට පිස්තෝලය නිතීය රකින්නෙකුගේ අතින් ලියැවුණ කාව්‍ය සංග්‍රහයකි.

දිමුතු ප්‍රදීප් ජයසිංහ වෘත්තිය පොලිස් නිලධාරියෙකි. ඔහු විසින් රචිත මල් වට්ටිය යට පිස්තෝලය පළමු කාව්‍ය සංග්‍රහයයි.

විණාවේ තත් ස්වරය

සමඟ ගැයු ගී හඬන්

ප්‍රේමයේ වචන පෙළ

ගැයුණු ඒ තැන මෙතැන...

තම ගෙළ සිර කර මරා දැමු පසුත් සිය සැමියා පිළිබඳ අනුකම්පා සහගතව සිතන පතන බිරිඳකගේ සිතුවිලි එක්තැන කර ලියැවුණ කවියකි ‘සියුම් ස්වර දැනුණූ තැන්‘...දෙදෙනෙකු ආදරයෙන් බැදෙන්නේ කාගෙන්වත් අවසර ගෙන නොවේ.

එය සිදුවන්නේ ඉබේටමය. නමුදු ආදර බැඳිම් දිග දුර යන්නේ දෙදෙනාගේ කැමැත්ත අකමැත්ත අනුවය. නමුදු ජීවත් වන්නට ගිය විටය ගැටිම්, වැටිම් නොගැළපීම් මතුවන්නේ. ඒ නොගැළපීම් මත දිවි ගෙවු ගැහැනියකගේ ඉරණම විසදී ඇත්තේ මරණයෙනි. නමුදු මියගිය ඇය කරන ඉල්ලීම කවියේ අවසානයේ ඇත්තේ මහත් අනුකම්පාවකි.

“දොළහට ම හැම රෑ ම

ආවොතින් හැමදාම

අන්න අර සොහොන ළඟ

තමයි මම ඉන්න තැන

නොබලන්න ඒ පැත්ත

බය හිතට දැනේවී

ස්වර දැහැන් බීදේවී

දුරින් මට ඇහේවී...“

මිනිසුන් විෂමය. විවිධය. මේ සමාජය තුළ හැසිරෙන මිනිසුන් සියල්ලෝම බෝධිසත්වයින් නොවේ. මිනිසුන් එකිනෙකාට ඊර්ෂ්‍යා කිරිම්, ද්වේශ කිරිම් පමණක් නොව එකිනෙකා පරයා යන්නට නොදෙන තත්ත්වයන් පවා ඇතිවේ.

මල් පුදමින් බුදුන් වඳිමින් දවස ගෙවමින් ඒ ඇසිල්ලේ අනෙකාට වෛර කරන, ද්වේශ කරන මිනිසුන් අපමණය.

මල් වට්ටිය යට පිස්තෝල එවැනි පසුබිමක් පදනම් කර ලියූ කවියකි. එහි ඇත්තේ මිනිසුන්ගේ මනුස්සකම යට කරන් මතුවෙන දරුණු හැඟිම්ය.

ඉහළ අහසට පියාඹා ගොස්

විහඟ බැල්මෙන් පොළොව

බැලුවෙමි

කොන්ක්‍රීට් ඝන වනන්තරවල

‍වියන් ගලවා හෙළුව බැලුවෙමි...

අතේ පිච්චිය නැති කරන් අපි

කියන්න බැරි තරම් බොරු ඇති

මහ වියතුන් විසින් ලියවුණු

කතන්දර මම ඉරා දැමුවෙමි...

සුවඳ මල් ගෙන සුදෙන් සැරසුණු

සිවු පිරිස් දෙස බලා උන්නෙමි

මලින් බැබළෙන මල් වට්ටි යට

පිස්තෝල හා උණ්ඩ දුටුවෙමි...

බොහෝ අත්දැකිම් තමන්ටවූූ තරමට එය ලිවීම පහසුය. මුල්ම කවි පොත එවැන්නකැයි සිතෙන්නේ, බොහෝ නිර්මාණ කරුවන්ගේ කවි පොත්වල අන්තර්ගත කවි තම ජීවිතය හා බැදුණු නිර්මාණ ලෙස එළිදකින විට ය.

මෙයද එවැනි කවි එකතුවක් යැයි සිතෙන්නේ එවැනි බොහෝ නිර්මාණ දැකිය හැකි බැවිනි. කෙසේ වෙතත් කවියා ඒ අත්දැකිම් වුව විවිධ අයුරින් ලියන්නට ගත් උත්සාහයක් ලෙස මල්වට්ටි යට පිස්තෝල දැක්විය හැකිය.

Comments