ආන­ය­නික සීමා ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

ආන­ය­නික සීමා ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

 

1 මේ අවස්ථාව තරම් සුදුසු අවස්ථාවක් නැහැ. නිදහසින් පසු ලංකාවේ විදෙස් විනිමය පිළිබඳ අර්බුදයේ උච්චතම අවස්ථාවයි මෙයයි. එයට හේතු තුනක් තියනවා. පසුගිය රජය විසින් නිෂ්පාදනය කිරීමට හැකි සුළු භාණ්ඩයන් පවා පිට රටින් ගෙන්වීම නිසා විශාල විදේශ විනිමයක් ගලා යාමක් සිදු වුණා. රුපියල ස්ථාවර කිරීමට බව පෙන්නමින් විදෙස් විනිමය සංචිතය වෙළෙඳපොළට මුදා හැරීමත් හේතු කොටගෙන ඇති වූ දැවැන්ත විදෙස් විනිමය වැය කිරීම, රුපියල් අගය පවත්වාගෙන යෑම සඳහා සංචිත තොග වශයෙන් වෙ‍ෙළඳපොළට මුදා හැරීම යන කරුණු තුත නිසා විශාල ලෙස රටින් පිටත ගලායන මුදල් ප්‍රමාණය වැඩි වුණා.

පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය නැත්තටම නැති වුණා. ඩොලර් අඩුවීමක් ඇති වුණා. ලංකාවේ නිෂ්පාදනය කළ නොහැකි ඛනිජ තෙල්, ගෑස්, රසායනික ද්‍රව්‍ය, පරිප්පු, කඩල වැනි මේ රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ ආනයනය කරන්න ඩොලර් පරෙස්සමින් පාවිච්චි කරන්න අවශ්‍ය තත්ත්වයක් තියනවා.

මේ රටේ කර්මාන්ත ව්‍යාපාර පවත්වාගෙන යන්න අවශ්‍ය කරන යෙදවුම ගෙන්න අත්‍යවශ්‍ය නිසා ඩොලර් ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ නිසා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විචක්ෂණශීලී ලෙස ආනයන අංශයට මුදල් ගලා යෑම වැළැක්වීමට භාණ්ඩ වර්ග 623 ණයවර ලිපි පිළිබඳව උපරිම මිල නියම කරලා තියෙන්නේ. ලෝකේ හැම රටේම අසාමාන්‍ය ලෙස භාණ්ඩවල ගණන් වැඩි වෙලා.

 

2 කිසිම බදු සහනයක් ඉවත් කරලා නැහැ. භාණ්ඩ ගෙන්වීමේදී තැන්පතුවට සියයට විසිපහ සියයට සිය දක්වා වැඩි කරලා තියෙනවා.

භාණ්ඩ 623 ම ආනයන කරන්න පුළුවන්. භාණ්ඩ ගේනකොට තැන්පත් කරන ප්‍රමාණය වැඩි කිරීම විතරයි කරලා තියෙන්නේ. ජාවාරම්කරුවන්ට නෙවේ. ඇත්ත භාණ්ඩ ආනයනකරුවන්ට ඇත්ත අවශ්‍යතාව තිබෙනවා නම් මුළු මුදල ගෙවලා භාණ්ඩ ගෙන්න පුළුවන්. ආනයනය කරන බඩුවලට කිසි බලපෑමක් වෙන්නේ නෑ.

විපක්ෂය ණයවර ලිපිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. සීනි බද්ද සත 25 යි,පරිප්පු බද්ද සත 25 යි, ලංකා ඉතිහාසයේ කාවදාවත් නැති ලෙස අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල බදු සම්පූර්ණයෙන්ම අපි ඉවත් කරලා තියෙනවා. භාණ්ඩ ආනයනකරුවන්ට අවශ්‍යතාව තියෙනවා නම් මුළු මුදල ගෙවල භාණ්ඩ ගෙන්න පුළුවන්; මහ බැංකුවේ ණය පාලන ක්‍රමවේදයක් ලෙස 100 ට 100 ක්ම ගෙවලා සමහර රටවල් භාණ්ඩ ආනයනය කරන්නේ.

ඇතැමුන් කිසිම අවබෝධයක් නැතුව මේ ණය පාලන ක්‍රමවේදය ගැන මේ කතා කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් නීති පනතට අනුව තියන ණය පාලන ක්‍රමවේදයක් ලෙසයි මේ ක්‍රමවේදය අපි අපි පාවිච්චි කර තියෙන්නේ. මේ ක්‍රමය පිළිබඳව පැහැදිලි කළහොත්; අපි පිටරටකින් බඩු ආනයනය කරන කොට මේ ලංකාවේ බැංකුවකින් ණයවර ලිපියක් නිකුත් කරන්න ඕනේ.

එතකොට ඒ ණයවර ලිපිය ලංකාවේ බැංකුවෙන් නිකුත් කලාම ලක්ෂ 100 කට ඒක විදෙස් බැංකුවකට නිකුත් කළාම ඒ බැංකුවට යනවා ඒ ණයවර ලිපිය ගියාම සැපයුම්කරු භාණ්ඩ ටික නැවට පටවලා අදාළ ලියවිලි වගයක් තියෙනවා. , නැව් භාරකාර පත. ඒ ලියවිලි ටික ඇමරිකාවේ බැංකුව විසින් ලංකාවේ බැංකුවට එවනවා. එහෙම ආපුවහම ඒ ලියවිලි වරායෙන් නිදහස් කර ගන්න අවශ්‍යයි. මේ නව ක්‍රමවේදය අනුව මේ කියන ලියවිලි ටික නිදහස් කර ගන්න පෙර තිබූ සියයට 25 බද්දට තව 75% ක් වැඩිවෙලා තියෙනවා . 100% ක තැම්පතුව කියන්නේ ඒකයි.

 

3 පහුගිය රජය සමයේ පිටරටින් ඔක්කොම ගෙනල්ලා මේ රටේ මිනිසුන් ඒ දේවල්වලට හුරු කළා. මේ රටේ නිෂ්පාදකයන් නිෂ්පාදනය කරන්න බැරි වුණේ ඒ විජාතිකරණ ප්‍රතිපත්තිය නිසා. දැන් මේ දේවල් වෙනස් වෙන්න අවශ්‍යයි. බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයේ ප්‍රතිඵල ලෙස අප හුරු කරපු දේවල් තමයි පානුයි පරිප්පුයි.

ඒ දෙක හුරු කළේ තිරිඟු සහ පරිප්පු ලංකාවේ නිෂ්පාදනය කරන්න බැරි කෘෂිකාර්මික නිෂ්පාදන දෙකක් නිසයි. ඒ, යටත් ආර්ථික වශයෙන් ඒ රටවල් මත දිගටම යැපෙන තත්ත්වයට අපේ වැනි රටවල් පත් කිරීමට අවශ්‍ය වූ නිසයි.

 

4 අනිවාර්යයන්ම එය කළ යුත්තක්. සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේදී අනුගමනය කළ ආවෘත්ත ආර්ථිකය අවශ්‍ය ක්‍රමවේදයන් තිබුණා නම් මේ වන විට ලංකාවේ ජනතාව මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිදු වෙන්නේ නෑ . ඒ කාලේ ඒක කඩාකප්පල් කළා. 1977දී ඔක්කොම දේවල් පිටරටින් නිදහසේ ගෙනල්ලා පරිභෝජනය කරන්න පුළුවන් කියන සංකල්පය ජනතාවට ඒත්තු ගන්වා තියනවා.

 

5 ලෝකේ අර්බුදයක පවතින කොට රටකට තියන එකම විමුක්තිය දේශීය නිෂ්පාදනයි.

අනෙක් රටවල්වලට මේ අර්බුදය අපිට වගේ දැනෙන්නේ නැත්තේ ඒකයි. ඒ රටවල රට තුළ නිෂ්පාදනය විශාල ලෙස වැඩි කරගෙන තිබෙනවා.

රටවල්වල තීරු බදු තිබෙනවා. ආනයනය කරන භාණ්ඩවලට අය කරන තීරු බද්දක් පැනෙව්වම ඒ භාණ්ඩවල මිල වැඩි වෙනවා. ඒ හරහා දේශීය භාණ්ඩයේ මිල අඩු වෙනවා. දේශීය භාණ්ඩ සඳහා වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා. .

 

1අපේ රටේ විවෘත ආර්ථිකයත් සමඟ හදපු පාරිභෝජන සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතික වටපිටාව මත බොහෝ අය යැපෙන මට්ටමකට පත් වුණා. එක් කාලයක සු‍ඛෝපභෝගික භාණ්ඩ අද සාමාන්‍ය භාණ්ඩ බවට පත්වෙලා . ජංගම දුරකථනය අද අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වෙලා. ආණ්ඩුවේ අර්බුද විසඳගන්න ආනයනික භාණ්ඩ හයසිය ගණනක තැම්පතුව සියයට සියයක් කරලා ආනයනික භාණ්ඩ පාලනයක් ඇති කරනකොට එය ඍජුව ජනතාවට බලපානවා. සියයට සියයක් ගෙන්නන භාණ්ඩවලට මුදල් තැම්පත් කරන්න වුණාම ඒ හැකියාව තියෙන්නේ සුළු පිරිසකට විතරයි. විශේෂයෙන් ගෙන්වන භාණ්ඩය විකුණලා මුදල් පියවන ව්‍යාපාර ලක්ෂ ගණනාවක් කඩා වැටෙනවා . මේ ක්‍රමවේදයේ වාසිය යන්නේ සුළු පිරිසකට පමණයි. බොරදියේ මාළු බාන්න වගේ ආනයනය කිරීමේ හැකියාව තියෙන්නේ මේ ක්‍රමවේදය නිසා රුපියල් සහ ඩොලර් හැකියාව තියෙන අයට පමණයි. මෙයින් භාණ්ඩවල හිඟයක් මිල වැඩිවීමක් ඇතිවෙනවා. භාණ්ඩවල ඒකාධිකාරියක් ඇතිවෙනවා. දේශීය කර්මාන්ත දියුණු වෙන්නෙත් නැහැ. යටිතල පහසුකම් ලැබෙන්නෙත් නැහැ මේ අයගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා. දේශීය කර්මාන්ත දියුණු කරන්න මොනවද අපිට තියෙන අමුද්‍රව්‍ය? භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න නෙමෙයි අලුත් වැඩියා කරන්නවත් අපිට මොනවද තියන්නේ? කාර්මික භාණ්ඩ ආනයනික උපකරණ භාණ්ඩ සීමාකිරීමෙන් දේශීය ආර්ථිකයට කිසිදු ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. භාණ්ඩ හිඟයක් නිර්මාණය වීම සහ සුළුපරිමාණ ව්‍යාපාරිකයන් යම්කිසි ප්‍රමාණයක් ආනයනයෙන් ඉවත් වීමයි මෙයින් සිදුවෙන්නේ.

 

2 ණයවර ලිපි විවෘත කරන ක්‍රම කිහිපයක් තියනවා . එහි එක් ක්‍රමවේදයක් ලෙස සුළු ව්‍යාපාරිකයන් කරන්නේ තමන්ගේ භාණ්ඩ ටික විකුණලා මුදල් පියවීම මත එකඟතාවයට පත්වීමයි. බැංකුව කරන්නේ අවශ්‍ය ලියවිලි සකස් කර දීමයි. ණයවර ලිපි වරායෙන් මුදා ගැනීමට එකඟතාව තියෙන්නේ උපරිම විශ්වාසය තියන ව්‍යාපාරිකයන් දෙදෙනකු අතරයි. එහෙම එකඟතාවයක් දැන් මේ ක්‍රමය අනුව වැඩක් වෙන්නේ නැහැ. සියයට සියයක් මුදල් තැම්පතුවක් අවශ්‍ය වෙන්නේ. භාණ්ඩ ප්‍රමාණ වටිනාකමට රුපියල් ප්‍රමාණයක් දැන් බැංකුවේ තැම්පත් කළ යුතුයි. එසේ තැම්පත් කළ හැකි සුළු ව්‍යාපාරියන් දැන් නැහැ. එහෙම භාණ්ඩයක වටිනාකමට මුදල් තැම්පතු තියලා විකුණන්න පුළුවන් ව්‍යාපාරිකයන් සුළු ව්‍යාපාරිකයන් අතර නැහැ.

 

3 ඇත්තටම අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක් තමයි ආනයනය කියන්නේ. අපනයන ආදායම වගේ දෙගුණයක් ආනයන වියදම. මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, ඛණිජතෙල් වැනි දේවල් ඇතුළත්. මේවා සීමා කරන්න බැහැ. සීමා කිරීම් කරන ලද භාණ්ඩ අතර හුඟාක් අමුද්‍රව්‍ය තියනවා. ඒවා අපනයනයේදී යොදා ගනු ලබනවා.

රබර් නිෂ්පාදනය ආනයනය කළේ නැතිනම් රට ඇතුළේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන වාහනවලට මොකද වෙන්නේ? අවශ්‍ය ප්‍රමාණය රට ඇතුළේ නැහැ. මේ සිදුවෙන්නේ දේශීය කර්මාන්ත ඇතුළේ ආනයනික සීමා කිරීමක් නොවෙයි.

මේ සීමාකිරීම් කරන්නේ ඩොලර් අර්බුදයට පිළියමක් ලෙසයි. ඩොලර් අර්බුදයට ආනයනික සීමා කළාම විය හැකි දේ, අපේ අපනයන ආදායම අඩුවීමයි. ආනයන යෙදවුම් මත සිදුවන අපනයනයන් තිබෙනවා. ආනයන කරන යෙදවුම් මත නිෂ්පාදනයන් බොහෝමයක් තිබෙනවා. මෙයින් වෙන්නේ ඒ දේවල් කඩා වැටීමයි. ඒ නිසා ආනයනයන් සීමා කිරීම යන කාරණාව ඩොලර් අර්බුදයට යම් පිළියමක් ලෙස සිදුවන දෙයක් මිස සංවර්ධන උපාය මාර්ගයක් ලෙස නොවෙයි සිදුවන්නේ. ඒ හරහා මතුවන විශාල ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.

අපි ආනයන සීමා කරලා රටේ මුදල් අච්චු ගහනවා. සල්ලි අච්චු ගහලා රට ඇතුළට දැම්මාම නැවත ආනයනික භාණ්ඩවලට ගෙවන්න ඩොලර් බවට පත් කරන්න ඕන. අපනයනය කළොත් විතරයි අපිට ඩොලර් ලැබෙන්නේ. නිෂ්පාදන අපනයනයන් දියුණු කරන්නේ නැති තත්ත්වයක් මත ආනයනයන් සීමා කිරීම අභ්‍යන්තර අර්බුද බොහොමයක් නිර්මාණය කිරීමකට මූලාරම්භයක්.

 

4 ඇත්තටම නැහැ. නමුත් නිෂ්පාදනයන් දියුණු කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙත් ඒ හැකියාව හඳුනාගෙන දිගුකාලීන සැලසුමක් ඇතිව මේ ක්‍රියාවලියන් සිදුවෙන්නේ නැහැ .

උදාහරණයක් ලෙස සංචාරක කර්මාන්තය පදනම් කරගත් නිෂ්පාදනයන් අපට දියුණු කරන්න පුළුවන්. ස්වදේශීය කර්මාන්ත පන්තියක් ගොඩනැඟීම එකවර කරන්න හැකියාවක් නැහැ .

අපි රටක් ලෙස තාක්ෂණික වශයෙන් දුප්පත්. තාක්ෂණය දියුණු කරන්න අවශ්‍යයි. ආනයනික භාණ්ඩ මත තරග කරන්නත් තාක්ෂණික දුප්පත්කම සහ නිෂ්පාදන වියදම වැඩිවීම වැනි කරුණු නිසා අපේ නිෂ්පාදකයන්ට ඒ හා තරග කිරීමට අපහසුයි. අද වන විට දේශීය නිෂ්පාදකයන්ට බැංකු ණය ගෙවා ගන්න බැරි තත්ත්වකට පත්වෙලා. පොලියටත් පොලිය එකතු කරන නිසා දැඩි අසීරුතාවන්ට මුහුණ පා තිබෙනවා.

 

5 දිගුකාලීන සැලසුම් යටතේ කරනවා නම් අපිට කරන්න බොහෝ දේ තිබෙනවා. ලෝකයේ ඇතැම් භාණ්ඩ සහ සේවාවලට ඉහළ ඉල්ලුමක් තිබුණාත් අපි ඒ වෙළෙඳපොළ හඳුනාගෙන නැහැ. විශේෂයෙන් මෘදුකාංග තාක්ෂණික අංශයෙන් අපිට ඉල්ලුමක් තියනවා. ඩොලර් බිලියන දහයක් දක්වා අපිට ඒ මඟින් ඉහළට යන්න පුළුවන්. එයට අවශ්‍ය අධ්‍ය­ාපනික වෙනස්කම් කරනවා නම් පවතින නිෂ්පාදනවල හැඩතල වෙනස් කරනවා හැර අපි අලුතින් හිතන්න පුරුදු වෙලා නැහැ. දිගුකාලීන නිෂ්පාදන සඳහා අලුතින් හිතන්න අවශ්‍යයි. වගා කරන ඉඩම් ප්‍රමාණය තාක්ෂණික අංශය දියුණු කිරීම වැනි දේවල් දිගුකාලීනව වගාව සඳහා යොදගත හැකියි. නමුත් තාක්ෂණිකව අනන්‍යතාව ඇතිව විදෙස් වෙළෙඳපොළක් හදාගැනීම අවශ්‍යයි.

 

1. ආනයන බදු සීමා කිරීමට හේතුව ආණ්ඩුවට ඩොලර් නැති වීමයි. පොහොර, ගෑස්, කිරිපිටි ආදී හැමදේම ආනයන සීමාවෙලා. යකඩ කූර, ටයිල් කැටේට පවා සීමා පනවලා. දරුවන් ඉගෙන ගන්නෙත්, බහුතරයක් රැකියා කරන්නෙත් ටැබ් සහ ජංගම දුරකථනවලින්. ඒවාටත් සීමා පැනවීම් නිසා දරුවන්ටත් ඔන්ලයින් අධ්‍යාපනයත් අහිමිවෙන තත්ත්වයක් ඇවිත් තිබෙනවා. ඩොලර් හිඟයයි මේ තැම්පතු වැඩිකරන්න හේතු වෙලා තියෙන්නේ.

ආණ්ඩුවට ජාත්‍යන්තරයට ගිහිල්ලා කෙටිකාලීන ණය ගැනීමේ දොර වැහිලා තියෙන්නේ. එයට හේතුව 2019 වසරේ ආණ්ඩුවේ අමනොඥ තීරණයක් නිසා රජයට ලැබෙන්න තිබුණු බදු රුපියල් බිලියන පන්සීයයක් අහිමි කරගත්තා. විකල්ප ආර්ථික න්‍යායක් කියලා සම්පූර්ණ අසාර්ථක න්‍යායක් ගෙනාවා. අද වනවිට සල්ලි අච්චු ගහලා රුපියල අව ප්‍රමාණ වෙලා,

බඩු මිල ඉහළ ගිහිල්ලා, මිනිසුන් අර්බුදයකට පත්වෙලා ඉතාමත් අමාරු තැනකට ආණ්ඩුව මේ රට තල්ලු කරලා. ඉතාමත් අවදානමක තිබුණු රටකට යම් කම්පනයක් පමණයි කොරොනා ප්‍රශ්නයෙන් වුණේ. නමුත් මේ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන හේතුව විකල්ප ආර්ථික ප්‍රතිපත්තියයි.

 

2 එමඟින් සම්පූර්ණයෙන්ම සුළු ව්‍යාපාරිකයන් නැතිවෙලා යනවා. මේ සුළු ව්‍යාපාරිකයන් අපනයනය කළ තැම්පතුව ගෙව්වේ ගෙන්වන ලද බඩු ටික විකුණලා. සියයට විසිපහක තැම්පතුව ගෙවාගත්තේ මේ අය අසීරුවෙන්. දැන්මේ නව ක්‍රමය අනුව බඩු ගේන්න කලින් මේ සඳහා සියයට සියයක තැම්පතුවක් තියන්න අවශ්‍යයි. බඩු ගේන ක්‍රියාවලියකට මාස දෙකාමාරක් ගියොත් මොකද වෙන්නේ ? බැංකු ණයක්වත් ගන්න බැරි නම් මේ අය ණය සහනයක් ගන්නේ කළු කඩවලින්. දවසේ පොලියට ණය අරන් බඩු ගෙනල්ලා තැම්පතුවට මුදල ගෙවන්න අවශ්‍යයි. ලොකු කම්පැනිකරුවන්ට භාණ්ඩ ගෙන එන්න පුළුවන් වුණාට පොඩි මිනිසුන්ට මෙයින් අවකාශය ඇහිරිලා යනවා.

 

3 මෙහි කෙටිකාලීන සහ දිර්ඝකාලීන බලපෑම් තියනවා. මිනිසුන්ට පාරිභෝජන භාණ්ඩ සීමාවෙලා හිඟවෙලා තියෙනවා. කිරිපිටි, ගෑස් නැහැ . සීනි ගන්න අපහසුයි. පිටරටවලින් එන භාණ්ඩවලට සීමා පැනවිලා තිබෙනවා. ඇතැම් භාණ්ඩ සඳහා වෙළෙන්ඳන් මිල සීමා දාගෙන ඉන්නවා. ඉන්ධන හිඟයකුත් එන්න පුළුවන් ඉදිරියේදී. කළු සල්ලි සුදු කරන අයගෙන් ඩොලර් අර්බුදයට ඩොලර් බිලියන දෙකහාමාරක් ආණ්ඩුව ගන්න . මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩවල පවා මිල ඉහළයෑමක් ඉදිරියේදී සිදුවෙයි. ගෑස් නැතුව කන්න, උයන්න පුළුවන්ද මහල් නිවාසවල ඉන්න මිනිසුන්ට? වර්තමානයේ අවශ්‍යතා කාලීනව සංකිර්ණ වෙලා තිබෙනවා. විශේෂ‍යෙන් දීර්ඝකාලීනව ආනයන මිල වැඩිවෙන විට මිල වැඩිවෙනවා. පාරිභෝගික ආනයන තියෙන්නේ සියයට 20ක් පමණ. සියයට 85-90ක්ම තියෙන්නේ අතරමැදි ප්‍රාග්ධන භාණ්ඩ, යන්ත්‍ර, උපකරණ වැනි දේවල්.

ආනයන සීමා කරන විට රටට එන භාණ්ඩ මිල වැඩි වෙනවා. ආනයන නැතුව අපනයන කරන්න බැහැ. රෙදිපිළි අපනයන කරන්න රෙදි ආනයන කරන්න අවශ්‍යයි. මැෂින් ආනයන කරන්න අවශ්‍යයි.

ඒවා නැතුව අපනයන නිමි භාණ්ඩ ප්‍රතිඅපනයනය කරන්න බැහැ. මේ විකල්ප ආර්ථීක ප්‍රතිපත්ති නිසා ආනයනය සීමා කිරීම හරහා රට දියුණු වෙන්නේ නැහැ. මෙය රටක් ලෙස දියුණු වෙන්න පුළුවන් ක්‍රමවේද නොවෙයි. මෙය දිගුකාලීන සැලසුමක් නොවෙයි. අඥාන වැඩක්.

 

4 ධාරිතාවක් නැහැ. ස්වදේශීය නිෂ්පාදකයන් දෙන්නෙක් ඉන්නවා. එහි පළමු කණ්ඩායම දේශපාලනය බලය භාවිත කරලා නිලධාරින්ට පගාව දීලා ඒ අයගේ නිෂ්පාදන භාණ්ඩයේ අකාර්යක්ෂමභාවය නිසා පිටරටින් ඒ සඳහා ආදේශන භාණ්ඩ ඊට වඩා අඩු මිලකට ගේන්න පුළුවන් නිසා බලධාරින් සමඟ එකතුවෙලා ඉතා ඉහළ බදු තාප්ප බැඳගෙන සිටිනවා. මේ අය ඉතා නරක විදිහට ලාබ ලබනවා.

ඒ අයගේ කම්පැනි කොටස් වෙළෙඳපොළේ සියයට දෙසිය, තුන්සිය දක්වා ඉහළ යනවා. අකාර්යක්ෂම පිරිසක් වන මේ අයව දේශපාලඥයන් සහ නිලධාරීන් විසින් ආරක්ෂා කරනවා. බදු ගහල මිනිසුන්ගෙන් සූරාකාලා මේ අය දියුණු වෙනවා. දෙවැනි කණ්ඩායම ඉතාමත් කර්යක්ෂමයි. ඉතා ඵලදායිතාවකින් කර්මාන්ත ක්‍රියාත්මක කරනවා. ලංකාවේ වගේම පිටරටවලත් අයගේ නිෂ්පාදන විකුණනවා. ඒ අයගේ ආයතනයන්ට කිසිම කෙනෙක්ගෙන් ආරක්ෂාවක් අවශ්‍ය නැහැ.

ලෝකයක් සමඟ තරග කරන ඔවුන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ තිබෙනවා. ඔවුන් බදු තාප්ප ගහගෙන අසරණ මිනිසුන්ව පීඩාවට පත් කරන පිරිසක් නොවෙයි. රටකට අවශ්‍ය අකාර්යක්ෂමතාව වහාගන්න කටයුතු කරන පිරිසක් නොවෙයි. දේශීය ව්‍යාපාරිකයන්ට ලෝකය ජයගන්න හැකිවිය යුතුයි. අප ඒ අය දිරිගන්වන්න අවශ්‍යයි. දේශීය ආර්ථිකය ගොඩගන්න අවශ්‍ය ඒ අය හරහායි. ලෝකය දිනන්න ඒ අය දිරිගන්වන්වා ඔවුන් හරහා දේශීය ආර්ථීකය ගොඩනඟන්න අවශ්‍යයි.

 

5 දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීමටයි අපි කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කරන්න කළ යුත්තේ කෙසේද? මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට බැලුවොත් ඒ අය නිෂ්පාදනයන් විකුණුම් කළේ, ලාභ ලැබුවේ ලංකාවේ නොවෙයි. වෙළෙඳපොළ තිබුණෙත් ලංකාවේ නොවෙයි. අවශ්‍ය නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ගෙනාවෙත් පිටරටින්. ලංකාවේ ව්‍යාපාර මුළු ලෝකය ජයගන්න අවශ්‍යයි . දේශීය ව්‍යාපාරිකයා ගොඩනඟන්න ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් තිබිය යුතුයි. ඒ සඳහා රජය මැදිහත් විය යුතුයි. එවැනි ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව විසින් වෙළෙඳ ගිවිසුම්, ජී.එස්.පී ප්ලස් වැනි දේවල් හරහා බදු අයින් කරගන්න දායක වීම අවශ්‍යයි. දේශීය ආර්ථිකය දියුණු කරන්නට අවශ්‍ය වන්නේ එලෙසයි.

Comments