SLIM උලෙළේදී ඇස­ට්ල­යින් ලීසිං ඇගයුමට ලක්වෙයි | සිළුමිණ

SLIM උලෙළේදී ඇස­ට්ල­යින් ලීසිං ඇගයුමට ලක්වෙයි

පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පැවැති 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී ඇසට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ් ‘SLIM වසරේ ජනතාවගේ මූල්‍ය සේවා සපයන්නා’(SLIM Peoples Financial Service Provider of the Year) සම්මානය සඳහාවූ නාම යෝජනා අතරට එක් විය. රට පුරා පිහිටි ශාඛා 53ක් සහිත විශේෂිත ලීසිං සමාගමක් ලෙස ඇසට්ලයින් ශ්‍රී ලාංකීය ලීසිං වෙළෙඳ පොළේ ප්‍රමුඛතම ලීසිං සමාගමක් ලෙස සුවිශේෂී ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වී ඇත. තම සියලු ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට වඩාත්ම සරිලන නව්‍ය සහ විශ්වසනීය මූල්‍ය විසඳුම් නිර්මාණය කරමින් ක්ෂේත්‍රයේ ඉදිරි පෙළේ සිටින සමාගමක් ලෙස ඇසට්ලයින් ලීසිං මෙරට පුද්ගලයන්ගේ සහ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම ජීවන රටාව යහපත් කිරීමට උර දී ඇත. තවද ඇසට්ලයින් ලීසිං හැම විටම විශේෂ අවධානය යොමු කරන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහව්‍යවසායකයන්ට තම මූල්‍ය සේවා ලබා ගැනීමේ පිවිසුම පහසු කිරීමටය.

 

Comments