චමිල් උදයංග නිර්මාණ | සිළුමිණ

චමිල් උදයංග නිර්මාණ

අද රසදුන Fashion පිටුව හැඩ කරන්නේ C U Fashion Designing හි චමිල් උදයංග අතින් නිර්මාණය වූ විලාසිතා කිහිපයකින්. නුවර උපන් චමිල් උදයංග කොළඹට එන්නේ රඟපාන්න තියෙන ආසාවට. ඒ ඇවිත් නලින් ගුණරත්නගේ නර්තන පන්ති වලට සහභාගී වෙයි. ඒ කාලේ අහම්බයෙන් වගේ තමයි ඇඳුම් නිර්මාණය කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. එයින් දවසින් දවස ලැබෙන අත්දැකීම් එක්ක තමයි චමිල් ට හිතිලා තියෙන්නේ නළු හීනය පසෙකලා ඇඳුම් නිර්මාණය පැත්තට යොමු වෙන්න.

 

චමිල් කියන්නේ කිසිම පන්තියකට ගිහින් හෝ පාඨමාලා හදාරලා මේ ක්ෂේත්‍රයට ආව කෙනෙක් නෙවෙයි. ඔහු නම් කියන්නේ අද මේ සාර්ථක වෙලා තියෙන්නේ තමන් තුළ තියෙන සහජ දක්ෂතා හරි හැටි තේරුම් ගත්ත නිසා කියලයි.

මුලින්ම ඇඳුමක් නිර්මාණය කරලා තියෙන්නේ සම්මානිත ගායන ශිල්පිනියක් වන උරේෂා රවිහාරිට. මේ වෙද්දී චමිල් ඇඳුම් නිර්මාණයට පිවිසිලා වසර 10කට ආසන්න වෙනවා. අද වෙද්දී චමිල් මංගල ඇඳුම් නිර්මාණකරණයෙන් ඉහළටම ඇවිත් තියෙන්නේ. රෝහිත - ටට්යානා විවාහයේ ටට්යානාගේ ඇඳුම නිර්මාණය කරන්නත් ලැබිලා තියෙන්නේ චමිල්ට. ඒ විතරක් නෙවයි කලා ලොවේ ජනප්‍රිය තරු විවාහ මංගල දිනයේදී මෙන්ම උත්සව අවස්ථාවන්වලදී චමිල්ට කියලා ඇඳුම් නිර්මාණය කර ගන්න දක්වන්නේ වැඩි කැමැත්තක්.

ඒ නිසා ජිවිතේ පොඩි තැනින් පටන් අරන් අද ඉන්න තැන දක්වා ආ ගමන් මඟ ගැන ඔහු නිහතමානීව සතුටු වෙනවා.

 

 

 

Comments