12-19 අතර රෝගී දරු­වන්ට ෆයි­සර් | සිළුමිණ

12-19 අතර රෝගී දරු­වන්ට ෆයි­සර්

යස අවුරුදු 12-19 ත් අතර දිගුකාලීන රෝගාබාධවලින් පෙළෙන දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට ජනාධිපතිවරයා, ජනාධිපති කොවිඩ් කාර්ය සාධක බළකායට උපදෙස් ලබා දී ඇත.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දී ඇත්තේ සංකූලතා පවතින එම දරුවන්ට එන්නත් ලබා දීම ඔවුන්ගේ රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා සායන වලදීම එම වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ සිදු කළ යුතු බවයි.

 සංකූලතා පවතින දරුවන්ට එන්නත ලබා දීමට අදාළ වෛද්‍යවරයාගේ නිර්දේශය අවශ්‍ය වන අතර, එසේ සංකුලතා පවතින දරුවන් 40,000 ක් පමණ හඳුනාගෙන ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

Comments