විභාග අය­දු­ම්ප­ත්ව­ලට අභි­යා­චනා බාර ගැනේ | සිළුමිණ

විභාග අය­දු­ම්ප­ත්ව­ලට අභි­යා­චනා බාර ගැනේ

සුගිය සැප්තැම්බර් 15 වැනිදා මධ්‍යම රාත්‍රි 12න් පසු උසස් පෙළ විභාගයට හා ශිෂ්‍යත්ව විභාගයට ඇයැදුම්පත් යොමු කිරීමේ කාලය අවසන් වුව ද, මේ වන විටත් ඊට අයදුම්පත් යොමු කිරීමට අවස්ථාවක් නොලද පාසල්වලට තමන් අයත් අධ්‍යාපන කලාපය හරහා ඊට අභියාචනාවක් විභාග දෙපාර්තමේන්තුවට යොමු කිරීමේ හැකියාව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. පාසල් විභාග සඳහා නිශ්චිත කාලය තුළ සිසුන්ගේ අයදුම්පත් යොමු කිරීමේ වගකීම විදුහ්පතිවරුන් සතුව ඇතත්, අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ වන විටත් ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් එවා ඇත්තේ පාසල් 3283 න් පාසල් 944 ක් බවත්, අපොස උසස් පෙළ විභාගය සඳහා ඇයැදුම්පත් එවා ඇත්තේ පාසල් 354 න් පාසල් 16 ක් බවත්ය. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් 2339 ක්ද උසස් පෙළ විභාගය සඳහා පාසල් 338 ක්ද මේ වන තෙක් අයදුම්පත් සම්පූර්ණ කර නැත.

Comments