රෝහල් බෝම්බයේ සුල­මුල හෙළි වේ | සිළුමිණ

රෝහල් බෝම්බයේ සුල­මුල හෙළි වේ

සුගිය 14 වැනිදා නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළියක තිබී හමුවූ ජීව අත්බෝම්බය එහි තබා ත්‍යාග මුදලක් ලබා ගැනීමට තැත් ක‍ෙළ් ත්‍රිකුණාමලයේ, උප්පුවේලිහි පදිංචි 26

හැවිරිදි ශ්‍රීධරන් ශාන්ත රූබන්ය.

ඔහුගේ ප්‍රකාශ මත ජීව පතොරම් 18ක්ද ළඟ තබාගත් වැලිකන්දේ පදිංචි 24 හැවිරිදි වීරසිංහ මුදියන්සේලාගේ අසිත රුවන් චාමර හෙවත් ලංකා නමැත්තකු ද අත්අඩංගුවට ගැනීමට ඒ පිළිබඳ විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.එස්. සුසන්ත ප්‍රමුඛ කණ්ඩායම සමත් වූහ. ඒ පසුගිය 16 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රියේ ලංකා මහව පිහිටි ඔහුගේ බිරියගේ නිවෙසේ සිටියදීයි. පතොරම් තොගයද වැලිකන්දේ නිවෙසේ වළ දමා තිබියදී එදින රාත්‍රියේම සොයා ගැනිණි.

Comments