නිරෝ­ධා­යන ඇඳි­රිය ඔක්තෝ­බර් 1දා ඉව­තට | සිළුමිණ

නිරෝ­ධා­යන ඇඳි­රිය ඔක්තෝ­බර් 1දා ඉව­තට

වතින නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කරමින් ලබන ඔක්තෝබර් 1 වැනි සිකුරාදා අලුයම 4 දක්වා බල පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉකුත් 17 වැනි සිකුරාදා පෙරවරුවේ පැවැති ‍කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීන්දුවට එළැඹිණි.

කොවිඩ් සිවුවැනි රැල්ලත් සමඟ එය පාලනය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සිදු කෙරුණේ ඉකුත් අගෝස්තු මස 20 වැනි සිකුරාදා සිටයි. එදින සිට අඛණ්ඩව මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය රටපුරා බල පැවැත්වූ අතර ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට පත් පුද්ගල සංඛ්‍යාව පසුගිය සිකුරාදා වෙද්දී 73,894කි.

Comments