කොඩිඩ් මරණ පහ­ළට | Page 2 | සිළුමිණ

කොඩිඩ් මරණ පහ­ළට

දින 36කට පසු පළමු වරට මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 120ට අඩු අගයක් ගනු ලැබුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් 16 වැනිදා තහවුරු කරන ලද ඉකුත් 15 වැනිදා සිදුව ඇතැයි සැලකෙන මරණ 118ක් සමඟය.

මෙරට 3 වැනි කොවිඩ් රැල්ල ආරම්භ වූවා යැයි සැලකෙන 2021 අප්‍රේල් 15 වැනිදා සිට සැප්තැම්බර් 16 වැනි බ්‍රහස්පතින්දා දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 11,213කි. කොවිඩ් 19 වයිසරසේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කළ ඉකුත් අගෝස්තු  මාසයේදී පමණක් මෙරට කොවිඩ් ආසාදිත මරණ 4,887ක් වාර්තා වී ඇති අතර සැප්තැම්බර් 1 වැනිදා සිට 17 වැනිදා දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,628කි. දින 36ක් පුරා අඛණ්ඩව දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 200ට වඩා ඉහළ අගයකින් වාර්තා වූ අතර සැප්තැම්බර් 4 වැනිදා මරණ 145ක් වාර්තා වූ අතර එතැන් සිට දෛනිකව වාර්තා වූයේ 200ට අඩු මරණ සංඛ්‍යාවකි. මේ අතර ආසාදිතයන් සංඛ්‍යාව සිකුරාදා රාත්‍රිය වනවිට ලක්ෂ පහ ඉක්මවිය.

Comments