SLIIT ගුරු ­වෘ­ත්තිය සවි­බල ගන්වයි | සිළුමිණ

SLIIT ගුරු ­වෘ­ත්තිය සවි­බල ගන්වයි

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අවැසි දැනුම, කුසලතා හා ආකල්ප සහිත අධ්‍යාපනඥයින් සවිබල ගැන්වීම සහ සංවර්ධනය කිරීමේ අරමුණු ඇතිව ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යාපීඨය විසින් ‘ගුරුවිරු’ නමින් සත්කාරක සේවා වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී.

කථිකාචාර්යවරුන්, විදුහල්පතිවරුන් පාසල් ගුරුභවතුන් මෙන් ම ධර්මාචාර්යවරුන් වැනි අධ්‍යාපන සේවය ලබාදෙන අධ්‍යාපන ක් ෂේත්‍රයේ වෘත්තිකයින් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

වැඩසටහනේ ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ විෂය පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම සහ ගුරුවරුන්ගේ කුසලතා වැඩිදියුණුකිරීම තුළින් ඔවුන්ගේ හැකියාවන් සහ ඉගැන්වීමේ සාර්ථක ක්‍රමවේදයන් වර්ධනය කිරීමයි.

SLIIT ආයතනය මෙම වැඩසටහන හරහා මෙරට අධ්‍යාපනඥයින් සවිබල ගැන්වීමට නොමිලේ සැසිවාර පවත්වමින් ජාතික සේවාවක් සැපයීම සඳහා දැඩිලෙස කැපවී සිටින අතර ඒ මඟින් දිවයින පුරා සිටින සියලුම ගුරුවරුන්ට ප්‍රතිලාභ ලබාගත හැකිය.

Comments