OPPO කෙන්ගෝ කූමා සමග එක්වී Milan design Week වෙනු­වෙන් විශේෂ නිර්මා­ණ­යක් | Page 2 | සිළුමිණ

OPPO කෙන්ගෝ කූමා සමග එක්වී Milan design Week වෙනු­වෙන් විශේෂ නිර්මා­ණ­යක්

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සහ නව නිෂ්පාදන සමාගමක් වන OPPO, ජපන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී කෙන්ගෝ කූමා සමග එක්වී Milan Design Week වෙනුවෙන් සුවිශේෂී නිර්මාණයක් එළිදක්වා තිබේ. සංගීතය, හා තාක්ෂණය ඇතුළුව බොහෝ අංග කැටිකොට ගත් මෙය හඳුන්වා ඇත්තේ ‘Bamboo Ring : Weaving a Symphony of Lightness and Form’ යනුවෙනි. එළඹෙන සැප්තැම්බර් 19 වන දින වනතුරු මෙය මිලාන් නගරයේ Cortile dei Bagni හිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, 2019 2019 London Design Festival වෙනුවෙන් OPPO සහ කෙන්ගෝ කූමා එක්ව ක්‍රියාවට නැංවූ ව්‍යාපෘතියේ තවත් ඉදිරි පියවරකි.

උණ බට සහ කාබන් ෆයිබර් යන සැහැල්ලු, එහෙත් අතිශයින් ශක්තිමත් අමුද්‍රව්‍ය භාවිතයෙන් සිදුකළ එම නිර්මාණයේ අරමුණ වූයේ මිනිසුන් හා ස්වභාව ධර්මය අතර ඇති සහයෝගී සම්බන්ධතාව ගවේෂණය කිරීම ය.

මෙම වසරේදී නවතම තාක්ෂණයන් භාවිතයෙන් සිදුකර ඇති මෙම නිර්මාණයට, Musicity සමග එක්ව ජපන් ජාතික වයලින් වාදන ශිල්පී මිදෝරි කොමාචි නිර්මාණය කළ සංගීත ඛණ්ඩයන්ද ඇතුළත් වේ.

Comments