Huawei හි නව­තම ලැප්ටොප් මාදි­ලිය වන MateBook X Pro 2021 ළඟ­දීම ශ්‍රී ලංකාවේ | Page 2 | සිළුමිණ

Huawei හි නව­තම ලැප්ටොප් මාදි­ලිය වන MateBook X Pro 2021 ළඟ­දීම ශ්‍රී ලංකාවේ

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, අද්විතීය විශේෂාංග රැසකින් යුත් Huawei MateBook X Pro 2021 ලැප්ටොප් මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ. පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇත.

MateBook X Pro හි ප්‍රධාන විශේෂාංග අතර, ආකර්ෂණීය අඟල් 13.9 ක FullView display සහ දිගුකාලීන බැටරි ධාරිතාව, පුළුල් නැරඹුම් අත්දැකීමක් ලබාදෙන 3K high-definition ඡායාරූප ගුණාත්මකභාවය ප්‍රධාන වේ. තවද, කිලෝග්‍රෑම් 1.33ක් තරම් වූ සැහැල්ලු බර සහ මිලි මීටර 14.6 ක් තරම් වූ ඝනකම, මෙම ලැප්ටොප් මාදිලිය ඕනෑම අයකුට ඉතා පහසුවෙන් එහාමෙහා රැගෙන යා හැකි උපාංගයක් බවට පත් කරයි. කාර්යසාධනය (performance) පිළිබඳ සැලකීමේදී, මෙහි අන්තර්ගත 11th Gen Intel® Core™ ප්‍රොසෙසරය සහ 16GB LPDDR4x මතක ධාරිතාවය ඉතා සුවිශේෂී වන්නේ එමඟින් ලබාදෙන ඉහළ කාර්යක්ෂමතාව මූලික කර ගෙනයි. තවද, නවෝත්පාදනය මූලික කරගත් Huawei හි නිෂ්පාදන අතර, MateBook X Pro ඉහළ පරිශීලක ආකර්ෂණයක් දිනා ගනුයේ ඉතා පහසු Huawei Free Touch - ටච් පෑඩ්, මල්ටි-පොයින්ට ටච් ස්ක්‍රීන්, dual edge microphones සහ quad speakers හේතුවෙන්ය.

Comments