DIMO සහ Komatsu පනස් වස­රක හවු­ල්කා­රී­ත්වය සම­රයි | සිළුමිණ

DIMO සහ Komatsu පනස් වස­රක හවු­ල්කා­රී­ත්වය සම­රයි

DIMO ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Komatsu හා ඇතිකරගත් හවුල් කාරීත්වය සඳහා වසර 50ක් සපිරේ. මෙහිදී වැදගත් වන තවත් එක් සුවිශේෂී කරුණක් වන්නේ Komatsu විසින් සිය ව්‍යාපාර මෙහෙයුම් දියත් කර වසර 100ක් සම්පූර්ණවීමද මෙම වසරේදීම සිදුවීමයි.

දේශීය බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයට DIMO හිදායකත්වය වර්ධනය කිරීමට Komatsu විසින් හඳුන්වා දී ඇති විවිධ වූ යන්ත්‍ර සූත්‍ර මගින් මහඟු අත්වැලක් සපයනු ලබන අතර, එමඟින් රටෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන් උදෙසා ඉතා විශාල දායකත්වයක් ලබාදීමට DIMO සමත් වී ඇත. ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ සමඟ සිමෙන්ති සහ ඉදිකිරීම් වැනි දැවැන්ත දේශීය කර්මාන්ත සවිබල ගැන්වීමට සහ එවැනි කර්මාන්තවල ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට,මෙම හවුල්කාරිත්වය මනාව දායක වී ඇත. Hydraulic excavators, wheel loaders, bulldozers, motor graders, dump trucks, hybrid hydraulic excavators සහ articulated dump trucks DIMO විසින් ලංකාව තුළ බෙදාහරින Komatsu සන්නාමයේ යන්ත්‍රෝපකරණ අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී. DIMO මෙවැනි Komatsu බර යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් මෙරට මහා පරිමාණ ජාතික ව්‍යාපෘති සඳහා සපයා ඇත.

Comments