ශ්‍රී ලංකන් ගුව­න්සේ­වය පැරී­සි­යට ගුවන් ගමන් අරඹයි | සිළුමිණ

ශ්‍රී ලංකන් ගුව­න්සේ­වය පැරී­සි­යට ගුවන් ගමන් අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයේ අගනුවර වන පැරිස් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) සහ ප්‍රංශයේ පැරිස් චාල්ස්ඩිගෝල් ගුවන්තොටුපළ (CDG) අතර නියමිත ගුවන් ගමන් 2021 නොවැම්බර් මස 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, පිරිමැසූම් පන්තියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28 කින් සමන්විත එයාර්බස් A 330-300 ගුවන් යානා බළ ඇණියක් උපයෝගී කරගනිමින් සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම ශ්‍රී ලංකන් ප්‍රංශය වෙත පියාසර කරනු ඇත. මෙහෙයුම් වාරගණන සතියකට තුන් වරක් වන අතර ගුවන් ගමන් කාලය පැය 11 විනාඩි 25 ක් පමණ වේ. යූඑල් 563 දරන ගුවන් යානය කොළඹ සිට පැය 00:35 ට පිටත්ව පැරිස් චාල්ස් ඩිගෝල් ගුවන්තොටුපළේ පැය 07:30 ට ගොඩබැසීමට නියමිතයි. නැවත යූඑල් 564 පැරීසියේ සිට එදිනම පැය 14:30 ට පිටත්ව පසුදින පස්වරු 05:20 ට පමණ කොළඹට ළඟාවීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ සඳහන් කළේ කොළඹ සහ පැරීසිය අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම ගැන සතුටට පත්වන බවයි.

Comments