කාන්තා හිංස­නය පිටු­ද­කි­මින් බ්‍රිතාන්‍ය කවුන්සලය, FISD සහ JSAC එක්වෙති | සිළුමිණ

කාන්තා හිංස­නය පිටු­ද­කි­මින් බ්‍රිතාන්‍ය කවුන්සලය, FISD සහ JSAC එක්වෙති

ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් කාන්තා හිංසනය මෙන් ම සයිබර් අවකාශය ඔස්සේ සිදුකෙරෙන ලිංගික හිංසනයන්පිටුදැකීමේ අරමුණින් British Council, The Foundation for Innovative Social Development (FISD)සහJSAC යන ආයතන එක්ව 'Future Without Violence' ව්‍යාපෘතිය දියත් කිරීම සිදුකෙරුණි. කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට එරෙහි හිංසනයන් වැළැක්වීම සඳහා වූVAWG ව්‍යාපෘතියේ දිගුවක් වන මෙම ව්‍යාපෘතිය 2018 වසරේ සිට 2020වසර දක්වා දියත් කෙරුණු අතර,ඒ සඳහා Jaffna Social Action Center (JSAC), Janathakshan සහ Hashtag Generationයන සංවිධානයන් ද අත්වැල් බැඳගත්හ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනය දිගු කලක් තිස්සේ ලංකාව තුළ පවතින, එහෙත් එතරම් අවධානය යොමු නොවූ ව්‍යාසනයකි. COVID-19 වසංගත තත්ත්වය නිසා ඉගෙනීම සහ අනෙකුත් අන්තර් සන්නිවේදන ක්‍රියාකාරකම් සඳහා අන්තර්ජාලය භාවිතා කිරීම වැඩි වීම වැනි විවිධ හේතු නිසා මෑත කාලීනව කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට එරෙහිව ලිංගික හිංසනය, ගෘහස්ථ හිංසනය සහ සයිබර් ප්‍රචණ්ඩත්වයවැනි තත්ත්වයන් ඉහළ ගිය බව වාර්තා විණි. රට අගුලු දමා තිබූ කාලයේ දී මෙන් ම දැඩි සංචරන සීමා නිසා නිවසේ සිරවී සිටිඑම වින්දිතයින් වැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දුන් හ. 'Future Without Violence' ව්‍යාපෘතිය යටතේ ලංකාවේ තරුණ තරුණියන් අතර සයිබර් ප්‍රචණ්ඩත්වය පිළිබඳව සමීක්ෂණයක් සිදු කෙරුණු අතර, එහිදී අනාවරණය කරගත් බොහෝ තොරතුරු සහ එහි නිර්දේශයන් තුළින් අදාළ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා මේ වනවිටත් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

Comments