අයි­ඩි­යල් මෝටර්ස් වෙතින් මධුර විතාන පද­න­මට මහින්ද්‍රා ගිලන් රථ­යක් | Page 2 | සිළුමිණ

අයි­ඩි­යල් මෝටර්ස් වෙතින් මධුර විතාන පද­න­මට මහින්ද්‍රා ගිලන් රථ­යක්

අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් රුපියල් කෝටියකට ආසන්න විනාකමින් යුත් මහින්ද්‍රා ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්‍යාග කරනු ලැබීය.

කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි සහ ආබාධිත, ඔත්පලවූ අය සඳහා අවශ්‍ය එන්නත් ලබාදීමේ කටයුතු මූලික අරමුණ කර ගනිමින් මෙම ගිලන් රථය පරිත්‍යාග කෙරිණි.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගමගේ ජන්ම දිනය හා ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදෙන සැප්තැම්බර් 05 මූලික අරමුණ කර ගනිමින්, කොවිඩ් 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවා කඩිනමින් ලබාදීමේ අරමුණින් මෙම ගිලන් රථය පරිත්‍යාග කරන ලදී. සිය ආයතනික සමාජ සේවා මැනවින් හඳුනාගෙන ඇති අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම මීට පෙරද කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේදී ද සමාජ සුබසාධන සේවා කීපයක්ම ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ කෝවිඩ් 19 වෛරසයේ ආරම්භක අදියරේදී මුල්ලේරියාව මූලික රෝහලට කඩිනමින් අවශ්‍ය කර තිබූ රෙදි සෝදන යන්ත්‍ර හා කසළ බදුන් පරිත්‍යාගයක් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගමගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

Comments