සයි­නො­ෆාම් එන්න­තට ඉහ­ළම ප්‍රති­චාර | Page 2 | සිළුමිණ

සයි­නො­ෆාම් එන්න­තට ඉහ­ළම ප්‍රති­චාර

 

මෙරට භාවිතයට ගැනෙන සියලුම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඕනෑම හදිසි තත්ත්වයකදී භාවිතයට අනුමත එන්නත් වන අතර ඉන් සයිනොෆාම් එන්නත සඳහා එන්නත්කරණයේදී ඉහළ ඇගැයුමක් ලැබී ඇති බව ඒ පිළිබඳ දත්ත වාර්තා කර තිබේ. සයිනොෆාම් එන්නතේ ප්‍රථම මාත්‍රාව ඉකුත් සිකුරාදා වන විට ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 106කට අධිකය. එහි දෙවන මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 85ක් පමණ වේ.

මේ පිළිබඳව කළ විමසීමේදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සිළුමිණට කියා සිටියේ, සයිනොෆාම් එන්නත ලොව බොහෝ රටවල් ප්‍රමාණයක එන්නත් කරන බවත් වර්තමානය වන විට එක්සත් ජනපදයට පවා ඇතුළුවීමට අවසර ගැනීමේදී එය පිළිගනු ලබන බවත්ය.

චීනයේ නිෂ්පාදනයක් වන මෙම එන්නත මැදපෙරදිග රටවලට ඇතුළුවීමේදී ද පිළිගැනුමට ලක්වී ඇත. එමෙන්ම එම එන්නතින් සිදුවූ අතුරු ආබාධ පිළිබඳවද මෙතෙක් නිල දත්ත ලේඛනයක් නොමැති බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කළේය.

Comments