මෙරට 95.8% ක්ම පැති­රෙන්නේ ඩෙල්ටා | සිළුමිණ

මෙරට 95.8% ක්ම පැති­රෙන්නේ ඩෙල්ටා

වතම පර්යේෂණ වාර්තා අනුව මෙරට 95.8% ක්ම පැතිර යන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවට තහවුරු වී ඇත. පළාත් හතකින් ලබාගත් සාම්පල 881ක නියැදියක් යොදා ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික සෛල ජෛව විද්‍යායතනය කරන ලද නියැඳි පරික්ෂණ අධ්‍යයන වාර්තා අනුව මේ බව තහවුරු වන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර සිළුමිණට කීවේය. මෙහිදී වැදගත්ම කරුණ නම් මෙරට විවිධ පළාත්වල 95% සිට 100% දක්වා වැඩි ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම බව ආචාර්ය ජීවන්දර පෙන්වා දෙයි.

මේ අනුව බස්නාහිර පළාතේ සාම්පල 130න් 130 ම ඩෙල්ටා වන අතර සෙසු ප්‍රදේශ සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී සබරගමුව පළාතේ සාම්පල 87න් 87ක්ද උතුරුමැද පළාතේ 60න් සම්පල් 59ක්ද වයඹ 22න් 22ක් ද නැගෙනහිර පළාතේ 100 න් 94ක්ද උතුරු 123 න් 113ක් ද දකුණු පළාතේ 64ක් 63ක්ද මධ්‍යම පළාතේ 29 න් 27 ක්ද ඩෙල්ටා ආශ්‍රිත රෝගීන් බවට තහවුරු වීඇති බවත්; නුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් සාම්පල පරික්ෂා කිරීමට එම ප්‍රදේශවල සාම්පල විද්‍යාගාරයට නොලැබුණු අතර බදුල්ල කෑගල්ල සහ පුත්තල දිස්ත්‍රික්ක වලද අධ්‍යයනයට කිරීමට සාම්පල විද්‍යාගාරයට නොලැබුණු බව ආචාර්ය ජීවන්දර සඳහන් කරයි.

 

Comments