පාසල් දරු­වන්ට එන්න­ත්ක­ර­ණය ලබන මස ඇරැඹේ | සිළුමිණ

පාසල් දරු­වන්ට එන්න­ත්ක­ර­ණය ලබන මස ඇරැඹේ

යස අවුරුදු 12ත් 18ත් අතර පාසල් දරුවන් සඳහා කඩිනමින් කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කිරීමේ වැඩසටහන ලබන මස මුල් වන විට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.

මුල් අදියරේදී සංකූලතා පවතින සිසුන්ටත් අනතුරුව උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ප්‍රමුඛතාව ලබාදීම කෙරෙහිත් අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරින්ගේ අවධානය යොමුව ඇත. අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ සාකච්ඡා පවත්වමින් සිටින අතර, ඔක්තෝබර් මස කොවිඩ් පළමු එන්නත ලබාදීම ආරම්භ කළ පසු එහි දෙවැනි මාත්‍රාව නොවැම්බර් මස ලබා දී නොවැම්බර් මාසයේදීම විභාග පැවැත්වීමේ හැකියාව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සිළුමිණට පැවැසීය. දෙවන අදියරේදී 12 හා 13 වසර උසස් පෙළ සිසුන් 421,114 කට ද, 10 හා 11 වසර සාමාන්‍ය පෙළ සිසුන් 636,985 කට ද ආරම්භයේදී කොවිඩ් එන්නත ලබා දීමට තීරණය කර තිබේ. එසේම 7 වැනි ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා පාසල් සිසුහු 1,025,527 ක් ද පසු අදියරට ඇතුළත් වනු ඇත.

 

 

 

Comments