නිරෝ­ධා­යන ඇඳි­රිය 21 තෙක් දිගු වේ | Page 3 | සිළුමිණ

නිරෝ­ධා­යන ඇඳි­රිය 21 තෙක් දිගු වේ

ගෝස්තු මස 20 වැනිදා සිට කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කරමින් ලබන 21 වැනි අඟහරුවාදා අලුයම 4 දක්වා බල පැවැත්වෙන බව රජය සිකුරාදා නිවේදනය කළේය.

ලබන 13 වැනිදා සඳුදා අලුයම 4ට ඉවත් කිරීමට තිබූ නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීන්දුව ගැනුණේ ඉකුත් 10 වැනි සිකුරාදා පෙරවරුවේය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‍කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාකච්ඡාවකින් පසු එම තීරණය ගනු ලැබීය.

Comments