ග්‍රාමීය පාසල් විවෘත කිරී­මට විශේෂ අව­ධා­නයක් | Page 2 | සිළුමිණ

ග්‍රාමීය පාසල් විවෘත කිරී­මට විශේෂ අව­ධා­නයක්

 

සිසුන් 100කට අඩු පාසල් 3000කට අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව පවතින හෙයින් පළමුව එම පාසල් විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව කඩිනමින් නිර්දේශ ලබා ගැනීමට සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ගෙන් සමන්විත විශේෂ තාක්ෂණික කමිටුවක් වෙත පැවැරීමට ඉකුත් 10 වැනි සිකුරාදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් තීන්දු කෙරිණි. ඒ අනුව ගිය වසරේ සහ මේ වසරේ නිසි ලෙස පාසල් නොපැවැත්වීම නිසා ලක්ෂ 7කට ආසන්න දරු පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත් එවැනිම තවත් දරු පිරිසකට පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අහිමි වීම පිළිබඳව එම කමිටුවේදී විශේෂ අවධානය යොමුව තිබේ.

Comments