කොවිඩ් ආසා­දි­ත­යන් සෙවී­මට පේරාදෙණියෙන් අලුත් යන්ත්‍ර­යක් | Page 2 | සිළුමිණ

කොවිඩ් ආසා­දි­ත­යන් සෙවී­මට පේරාදෙණියෙන් අලුත් යන්ත්‍ර­යක්

ඩු මුදලක් වැයකර කෝවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ඇතුළු කණ්ඩායමක් නව පරීක්ෂණ කට්ටලයක් නිර්මාණය කර ඇත.

එම නිර්මාණය කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භිෂක්වේදී හා මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුවික ප්‍රනාන්දු ඇතුළු පිරිසකි.

මෙම යන්ත්‍රය මඟින් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් හා පී.සී.ආර්. පරීක්ෂණවලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් සහිත පරීක්ෂණ කට්ටලයකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ සහ එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචික ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලට මේ නිර්මාණය පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

කඩිනමින් හා අඩු පිරිවැයකින් ආසාදිතයන් හඳුනා ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙන අතර, රුපියල් 1,500 ක පමණ මුදලකින් අදාළ පරීක්ෂණය කළ හැකි බව එහි නිර්මාණකරු වන  රුචිර ප්‍රනාන්දු පවසයි. මේ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතිය ලැබී ඇති අතර, එහි ලියාපදිංචිය අපේක්ෂාවෙන් සිටින අතර, මේ විශේෂිත පරීක්ෂණ කට්ටලය ‘RT LAMP (Reverse Transcription Loop Mediated Isothermal Amplification’ ජාතික හා අන්තර්ජාතික පේටන්ට් බලපත්‍රය සඳහා අයදුම්කර තිබේ. ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව දේශීය නිපැයුම් වෙනුවෙන් දිය හැකි උපරිම සහයෝගය දෙන බවත්, විශේෂයෙන් කොවිඩ් ව්‍යසනය හමුවේ මෙවැනි නිපැයුම් ලාංකික නිර්මාණකරුවන් විසින් නිර්මාණය කිරීම අතිශය වැදගත් බවත් සෞඛ්‍ය ඇමැතිවරයා මේ අවස්ථාවට එක් වෙමින් පැවසීය.

 

Comments