නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය ඇතුළත මෙරට සියලුම සතොස අලෙවිසල්, සමුපකාර අලෙවි සල් හා Q Shop විවෘතව පවතින බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඒ අනුව ජනතාවට අවශ්‍ය එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පවතින නීති රීති අනුව ඉහත ආයතනවලට පැමිණ ලබාගත හැකි වේ.
මේ අතර රුපියල් 2600 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් රුපියල් 1998 කට ගෙදරට ගෙන්වා ගැනීමේ ක්‍රමයක් වෙළෙඳ අමාත්‍යාංශය සකස්කර ඇත. ඒ අනුව ඕනෑම දුරකතනයකින් 1998 අමතා එය නිවසට ම ගෙන්වා ගත හැකි බව ඇමැති ආචාර්ය ගුණවර්ධන සිළුමිණට කීය. ඉදිරි සතියේ පමණක් ප්‍රවාහන ගාස්තු ද අය නොකෙරේ.