ගුරු වර්ජ­න­යට තිත කමිටු වාර්තාව මත | සිළුමිණ

ගුරු වර්ජ­න­යට තිත කමිටු වාර්තාව මත

 

ගුරු වෘත්තීය සංගම් විසින් ආරම්භ කර ඇති ගුරු උද්ඝෝෂණයට දින 40 ක් ඉක්මවා ඇති අතර මෙම ප්‍රශ්නය විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත්කළ ඇමැති අනුකමිටු වාර්තාව 20 වන සිකුරාදා මුදල් ඇමැතිවරයාට ලබා දී ඇත. අනතුරුව මහ භාණ්ඩාගාරය එහි මුදල් තත්ත්වය විමර්ශනය කිරීමෙන් අනතුරුව එම ඇමැති මණ්ඩල අනුකමිටු වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් යල්වෙල පඤ්ඤාසේකර හිමියන් හා ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං සිළුමිණට පැවැසූයේ අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව හරහා තමන්ට පිළිගත නොහැකි පිළිතුරක් ලබා දෙන්නේ නම් මෙම ගුරු උද්ඝෝෂණය අත් නොහරින බවයි. වැඩි දුරටත් අදහස් දක්වූ ගුරු සංගම් නියෝජිතයන් ප්‍රකාශ කළේ රජය විසින් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරිම සඳහා රුපියල් බිලියන 68 ක් අවශ්‍ය බව පැවැසුවත් එම ගණනය කිරීම් නිවැරදි නොවන බවයි.

Comments