සිංගර් වෙතින් අති නවීන තාක්ෂණය සපිරි ස්මාර්ට්බෝඩ් | සිළුමිණ

සිංගර් වෙතින් අති නවීන තාක්ෂණය සපිරි ස්මාර්ට්බෝඩ්

 

 

අතිනවීන තාක්ෂණයෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් සවිබලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඩිජිටල් අධ්‍යාපනය සඳහා ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. මාර්ගගත අධ්‍යාපනික කටයුතු සහ ව්‍යාපාරික රැස්වීම්/සම්මන්ත්‍රණ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි මුලික අරමුණයි.

සිංගර්, දැනට ලොව නවීනතම LED තිර නිෂ්පාදනය කරන Skyworth සමාගමේ ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් හඳුන්වාදී ඇත. පරිගණකය, රූපවාහිනිය, ප්‍රොජෙක්ටරය සහ වයිට්බෝඩ් සතු සියලු විශේෂාංග වලින් සමන්විත වන ලෙස මෙම ස්මාර්ට්බෝඩ් නිර්මාණය කරඇත.

කාර්යන් කිහිපයක් එකවර කරගත හැකි මෙම ස්මාර්ට්බෝඩ් වර්තමාන ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා පවතින හොඳම විකල්පයයි. නවීන අවශ්‍යතා සපුරාලීම සඳහා ඕනෑම ඉගෙනුම් පරිසරයකට සරිලන ලෙස නිර්මාණය කර ඇති ස්මාර්ට්බෝඩ් මඟින් දෙපාර්ශ්වය කිසිඳු බාධාවකින් තොරව ඉතාමත් පහසුවෙන් සම්බන්ධ කරවන අතර ඉගෙනුම් අත්දැකීම් වඩාත් අර්ථවත්ව හා ඵලදායී ලෙස සිදු කරයි. පරිගණකයක් සහ ප්‍රොජෙක්ටරයක් ​​ලෙස භාවිතා කිරීමේ හැකියාව සහ අවශ්‍ය ස්ථානයට රැගෙන යාමේ පහසුව නිසා ස්මාර්ට්බෝඩ් වර්තමානයේ ඉහළ ඉල්ලුමක් පවතින ඉගැන්වීමේ උපාංගයක් බවට පත්ව ඇත.

මෙය අඟල් 55, 65 සහ 75 ලෙස ප්‍රමාණයන් තුනකින් සහ ඇන්ඩ්‍රොයිඩ් හෝ වින්ඩෝස් 10 යන මෙහෙයුම් පද්ධති වලින් ලබාගත හැක. මෙම ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළ මඟින් වයිට්බෝඩ් හි සටහන් ලිවීම, අනෙක් පාර්ශවයට නැරඹිය හැකිලෙස වීඩියෝ සහ තිරය පෙන්විය හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමිකරදෙයි. ගුරුවරුන්ට ඉගැන්වීමට අවශ්‍ය දෑ මෙහි ගබඩා කර තබාගත හැකි බැවින් ඉදිරි ඉගැන්වීම් කටයුතු වලදී ඒවා පහසුවෙන් භාවිතා කළ හැකිය.

 

Comments