වසර ගණනාවක සිට අපේ ව්‍යාපාරයට ශක්තියක් වුණු මූල්‍ය සහකරුවා HNB FINANCE | සිළුමිණ

වසර ගණනාවක සිට අපේ ව්‍යාපාරයට ශක්තියක් වුණු මූල්‍ය සහකරුවා HNB FINANCE

 

පිත්තල භාණ්ඩ නිෂ්පාදනයට නම් දරාපු ප්‍රදේශයක් විදිහට මහනුවර පිළිමතලාවට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක් ...විශේෂයෙන් පාරම්පරික පිත්තල භාණ්ඩ නිෂ්පාදනය සිය වෘත්තීය ජීවිතය කරගත්තවුන් මේ ප්‍රදේශයේ අදත් දුලබ දසුනක් නොවේ ...

කාන්ති ජයමංගල යනු පාරම්පරිකව පිත්තල කර්මාන්තයේ නියැළෙන තවත් එබඳු සූර ව්‍යාපාරිකයකු ගේ දයාබර භාර්යාව ....සිය ස්වාමියාගේ වෘත්තීය ජීවිතයට නිරන්තරයෙන් සවියක් වෙමින් ඔහු පසුපස සිටින ඕ තම ස්වාමි පුරුෂයාගේ වෘත්තියට තම දායකත්වය ලබා දුන් අයුරු පිළිබඳව අප සමඟ පැවසුවේ මෙහෙමයි ....

මගේ මහත්තයා පාරම්පරිකව පිත්තල කර්මාන්තයේ යෙදෙන පරපුරකින් පැවත එන කෙනෙක්.මම විවාහ වෙලා ඔහුගේ ගෙදරට ආවට පස්සෙ මමත් ඒ වෘත්තියට මට හැකි අයුරින් දායක වුණා.

පිත්තල කර්මාන්තයේ නියැළෙන අයට විශේෂයෙන් එහි නිෂ්පාදන කාර්යයේ දී මූලික ප්‍රාග්ධනය ඉතා වැදගත් . මොකද අමුද්‍රව්‍ය සඳහා තරමක් විශාල මුදලක් වැය වෙනවා ...එතැනදි අපිට අතේ මුදල් අඩුපාඩු වුණු වෙලාවට කොතනකින් හෝ යම් මුදලක් හොයාගන්න වෙන අවස්ථා නැත්තෙ නෑ ..ඒ වගේ වෙලාවෙදි කවදත් මම විශ්වාසයෙන් ගනුදෙනු කරන්න තෝර ගත්තු තැනක් විදියට HNB FINANCE සමාගමට හිමි වෙන්නේ විශේෂ තැනක් ...

මීට වසර කීපයකට පෙර මහත්තයාගේ ව්‍යාපාරයට මුදල් වුවමනා වුණු අවස්ථාවක මම ණය මුදලක් ගත හැකි තැන් ගණනාවකටම ගියා .ඒත් ඒ එක තැනකින්වත් මං බලාපොරොත්තු වුණු විදිහෙ සහනයක් ලැබුණේ නෑ .මගෙ යෙහෙළියකගේ දැනුවත් කිරීම මත මුලින්ම HNB FINANCE සමාගම වෙත ගිය ඒ දවස මට අද වගේ මතකයි.මගේ අවශ්‍යතාවය ගැන කිව්වහම ඔවුන් මගේ ව්‍යාපාරය පිළිබඳව සොයා බලලා ඉතා ඉක්මනින් මට අවශ්‍ය ණය මුදල ලබා දීමට කටයුතු කළා.

Comments