ධච් ආයුර්වේද රෝහලෙන් පොත් බෙදා දීමේ වැඩසටහනක් | සිළුමිණ

ධච් ආයුර්වේද රෝහලෙන් පොත් බෙදා දීමේ වැඩසටහනක්

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද රෝහලක් වන ධච් ආයුර්වේද රෝහල සිය ආයතනික සමාජ වගකීම මනාව හඳුනා ගනිමින් පාසල් සහ දහම් පාසල් දරුවන් වෙනුවෙන් පොත් පත් බෙදා දෙමින් සමාජ සත්කාර රැසක් දියත් කළේය. එහි සුවිශේෂ පියවරක් සනිටුහන් කරමින් පසුගියදා මැදිරිගිරිය පො/දම්යෝපුර ප්‍රාථමික විද්‍යාලයට, මොරටුව ශ්‍රී ආරියවංශ දහම් පාසලට, පනාගොඩ සාකසිංහරාමයේ දහම් පාසලට මෙන්ම කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරු දැරියන් 600කට පොත් ප්‍රදානය කරන ලදී. කොවිඩ් තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිතව පොත් ලබා දීමේ අරමුණින් එම පොත් දරුවන්ගේ නිවෙස්වලටම ගොස් බාර දීමට ධච් ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළේය. පොත් පිරිනැමීම සඳහා ධච් ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂිකා, ආයුර්වේද වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරෝ සහ අධ්‍යක්ෂ වෛද්‍ය චන්න ජිනසේන සම්බන්ධ වූහ.

කාන්තා රෝග සම්බන්ධයෙන් කීර්ති නාමයක් දිනා ඇති ධච් ආයුර්වේද රෝහල මවු පදවිය අපේක්ෂා කරන කාන්තාවන්ගේ මාතෘ සිහිනය සැබෑ කිරීමට ලබා දෙන සුවිශේෂ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලින් බොහෝ දෙනෙකුට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. ධච් ආයුර්වේද රෝහලේ බාහිර රෝග ප්‍රතිකාර අංශයක්ද ක්‍රියාත්මක වන අතර අත්දැකීම් බහුල වෛද්‍ය කණ්ඩායමක් නිරන්තරයෙන් කාරුණික සේවයක් සැපයීමට කැප වී සිටියි.

ඉදිරියේදී රෝගීන්ට නේවාසික පහසුකම් සැපයීමටද ධච් ආයුර්වේද රෝහල සුදානමින් සිටියි. “මව් පදවිය අපේක්ෂා කරන කාන්තාවන්ට සමීප සේවාවක් සපයන ධච් ආයුර්වේද රෝහල සමාජ සුබසාධන කටයුතු සඳහා නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා. පාසල් සහ දහම් පාසල් සිසුන් වෙනුවෙන් පොත් බෙදාදීම එහි සුවිශේෂ අංගයක්.” රෝහලේ අධ්‍යක්ෂිකා ධනුෂ්කා ග්‍රේරෝ පැවසුවාය.

Comments