හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් ගුණ සැමරේ | Page 2 | සිළුමිණ

හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් ගුණ සැමරේ

හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ 16 වැනි ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ ඉදිකර ඇති ලක්ෂ්මන් කදිර්ගාමර් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අගෝස්තු 13 වැනිදා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් විදේශ ඇමැති ගුණවර්ධන කියා සිටියේ ලක්ෂ්මන් කදිර්ගාමර් ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට සහ ආදර්ශවත් දේශපාලනඥයෙක් බවය. ශාස්ත්‍රීය හා ජාත්‍යන්තර දැනුමෙන් පිරිපුන් දිවංගත ලක්ෂ්මන් කදිර්ගාමර් මෙරට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ගෞරවයට පාත්‍ර වූ සරල, නිහතමානී මිනිසකු බවද ඇමැති දිනේෂ් ගුණවර්ධන එහිදී අවධාරණය කළේය. මේ පුෂ්පෝපහාරයට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සුරේන් රාඝවන් සහ යදාමිණි ගුණවර්ධන, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ බිරිය ඇතුළු විදේශ අමාත්‍යාංශයේ නිලධාරිහු රැසක්ද එක්ව සිටියහ.

Comments