සැප්තැම්බර් 15න් පසුව එන්නත් කාඩ්පත නැතිනම් පොදු ස්ථාන තහනම් | සිළුමිණ

සැප්තැම්බර් 15න් පසුව එන්නත් කාඩ්පත නැතිනම් පොදු ස්ථාන තහනම්

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ගත් බවට සහතිකයක් නැතිව පොදු ස්ථානවලට ඇතුළු වීමට සැප්තැම්බර් 15 වනදා සිට අවසර නොදීමට රජය තීරණය කර තිබේ. එමෙන්ම වසංගත ව්‍යාප්තිය පාලනය කරනු පිණිස පළාත් අතර සංචරණය අගෝස්තු 13 වැනි සිකුරාදා රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මේ අනුව පොදු ප්‍රවාහන සේවා ද පළාත් අතර නතර කර තිබේ.

එහෙත් සෞඛ්‍ය, වරාය, ගුවන් තොටුපොළ ඇතුළු අත්‍යවශ්‍ය සේවා ද කෘෂිකර්ම සේවාහි නිරත හා ආයෝජන මණ්ඩලය අනුමත ඇඟලුම් කම්හල්හි රැකියාවල නිරත වන අයට මේ නීතිය බල නොපාන බව රජය සඳහන් කරයි. මෙම කරුණු අනාවරණය කළේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩල සේවයට කැඳවීමේදී අවශ්‍යතා අනුව අදාළ පළාතෙන් පිටත පදිංචි සේවකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කැඳවීමේ බලය එම ආයතන ප්‍රධානින්ට පැවැරේ.

Comments