පාර්ලිමේන්තුව පැවැත්වීමේ තීරණය හෙට | සිළුමිණ

පාර්ලිමේන්තුව පැවැත්වීමේ තීරණය හෙට

රටේ පවතින කොවිඩ් තත්ත්වය මත ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණයක් ගැනීමට කතානායකවරයා විසින් සඳුදා උදෑසන 11 ට පක්ෂ නායක රුස්වීමක් කැඳවා ඇති බවත්, එහිදි ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යා යුතු ආකාරය එහිදී තීරණය කරන බව විදේශ කටයුතු අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන සිළුමිණට පැවැසීය.

අඟහරුවාදා විවාදයට ගැනීමට නියමිතව තිබූයේ කොවිඩ් පනත වුවත්, උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තු සභා වාරයන් නොපැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

Comments