සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

 මේෂ ලග්නය - දුර බැහැර ගමන් බිමන්

 

මේෂ ලග්නයට අනුව ඔබට සතිය ආරම්භය සුබයි. එහෙත් සතිය දෙවන තුන්වන දිනය වනවිට හදිසි රෝග තත්ත්වයක් නිසා රෝහල්ගත වීමට පවා ඉඩ තිබේ.

නමුදු සතිය අවසානය වන විට සුබයි. චන්ද්‍රයා 07,08,09,10 යන ස්ථානවල ගමන් කරමින් ආර්ථික දියුණුව නිවාස ඉඩම් හා හදිසි ධන ලාභ උදාකර දෙනු ඇත. ආගමික කටයුත්තක් වෙනුවෙන් දුර බැහැර ගමන් ද යෙදෙනු ඇත.

 

වෘෂභ ලග්නය - වියදම අධික වෙයි

 

වෘෂභ ලග්නයට අනුව ඔබට තම ජීවිතයේ නොසිතූ පරිදි වාසනාවන්ත කටයුතු රැසක් එළඹෙනු ඇත. චන්ද්‍රයා 06, 07, 08, 09 යන ස්ථානවල ගමන් කිරීම මෙයට හේතු වන අතර තම විවාහ කටයුතුවලට තිබූ බාධක ඉවත්ව සුබවාදී අදහස් මත ජීවිතය නව මාවතක් කරා එළඹෙනු පෙනේ.

තම වාසස්ථානයෙන් දුර පළාතක ගමනකට හේතුවනු ඇත. තමාට ආර්ථික පීඩා ගෙන දෙන අතර වියදම් පැත්ත ද ඉහළ යනු ඇත.

 

මිථුන ලග්නය - ව්‍යාපාර ලාභ

 

මිථුන ලග්නයට අනුව වාසනාවන්ත දරු පල ද ඉගෙන ගන්නා වයසේ අයකු නම් උසස් ප්‍රතිඵල ද ව්‍යාපාරිකයකු නම් උසස් ආදායම් ද ලැබේ.

තමා කරගෙන පැමිණි ව්‍යාපාරයක් අතරමඟ නතර කර තිබුණා නම් එය යළි ආරම්භ කිරීමට අවස්ථාව උදාවන සතියකි.

තම නිවසේ කාර්යාලයේ පහසුව පිණිස සේවක සේවිකාවන් බඳවා ගැනීමට පෙලඹෙන අතර ඒ නිසා ඔබගේ පෞද්ගලික වෙහෙසකාරී තත්ත්ව මග හරවා ගැනීමට අවස්ථාව උදාවේ.

 

කටක ලග්නය - දූ දරු යහපත

 

කටක ලග්නයට අනුව චන්ද්‍රයා 04, 05, 06, 07 යන ස්ථානවල ගමන් කිරීම සුබයි. ආර්ථික ප්‍රතිලාභ උසස් වීම වාහන ප්‍රතිලාභ මෙන් ම රැකියාමය සුබතාව මෙහිදී කැපී පෙනෙන ලැබීම් අතර වෙයි. තම දූ දරු යහපත වෙනුවෙන් බොහෝ කැපවීම් කරන සතියකි. තමාට එරෙහිව නැගී සිටි බලවේග සියල්ල මග හැරෙන අතර සමාජයේ කැපී පෙනෙන තත්ත්වයකට පත්වේ. යටි බඩ ආශ්‍රිත රෝග අවදානම පවතී.

 

සිංහ ලග්නය - ව්‍යාපාර ලාභ

 

සිංහ ලග්නයට අනුව මෙම සතිය ඔබට තම දේපළ හිමිකම් දරු සම්පත් හා විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසාදය හිමිවන ලකුණු පෙන්වයි. චන්ද්‍රයා 03, 04, 05, 06 යන ස්ථාන පසුකර යාම, රැකියාව අතින් නම් විවිධ බාධා ගෙන දෙනු පෙනේ. එහෙත් තමා විසින් පෞද්ගලිකව කරගෙන යන ව්‍යාපාර ප්‍රතිලාභ හිමිවනු ඇත. තම ඥාති සබඳතා තර කෙරෙන අතර එදිනෙදා කටයුතු කෙරේ. අන් අයගේ කැපවීම නොඅඩුව ලැබෙනු ඇත.

 

කන්‍යා ලග්නය - නීති ගැටලු අවසන්වේ

 

කන්‍යා ලග්නයට අනුව ඔබට සුබයි. ඒ ආර්ථික හා දේපළ හිමිකම් ලෙසිනි. තම උරුමයක් සඳහා තිබූ බාධා ලිහිල්වේ. නඩු හබ, නීති ගැටලු පවා අවසන් වන සතියකි. තමාට එරෙහිව ගෙන ආ සතුරු බලවේග අවසන් වන අතර රාජකාරි මට්ටමේ තමාට බාධා කළ අයකු පිළිබඳ අනාවරණය වීම නිසා සිතට කණස්සල්ලක් දැනුණ ද අධිෂ්ඨානශීලී බව නිසා ඉදිරි සැලසුම් සාර්ථක කර ගැනීමට සිතනු ඇත.

 

තුලා ලග්නය - අරමුණු ජය ගනී

 

තුලා ලග්නයට අනුව තම විවාහ ස්ථානගත ගැටලු අවසන් වන අතර අවිවාහක අයට මංගල යෝග ද එදිනෙදා ජීවිතයේ සතුටුදායක අරමුණු ජය ගැනීම ද සතිය ආරම්භ‍යත් සමඟ සිදුවනු ඇත. ප්‍රවේශම් නොවුවහොත් හදිසි ධන හානියක් පෙන්වන නිසා ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කිරීමෙන් එය වළකාගත හැක. තමා සමාජයේ ඇගයීමට ප්‍රශංසාවට ලක්වන අන්දමේ කටයුත්තකට අතගසනු ඇත.

 

වෘශ්චික ලග්නය - සතිය මැද සිට සුබයි

 

වෘශ්චික ලග්නයට අනුව චන්ද්‍රයා 12, 01, 02, 03 යන ස්ථානවල ගමන් කිරීම නිසා හදිසි ධන හානි වියදම් අධිකවීම් පෙන්වයි. හදිසියේ යෙදෙන දුර ගමනක් නිසා එදිනෙදා කටයුතු අඩාළ වන අතර වියදම ද ඉහළ යයි. තමා යටතේ සේවය කරන අයකුගේ හදිසි අසනීපයක් වියෝවක් නිසා සිතේ කණස්සල්ල දැඩි වනු ඇතත් සතිය මැද භාගයේ සිට ආදායමේ සැලකිය යුතු සතුටුදායක තත්ත්වයක් ද අන් අයගේ ප්‍රසාදය ද නොඅඩුව ලැබෙනු ඇත.

 

 

ධනු ලග්නය - නිර්මාණ හැකියාව ඉහළ යයි

 

ධනු ලග්නයට අනුව ඔබට තම ජීවිතයේ මෙතෙක් අත් විඳීමට නොහැකිවූ සතුටුදායක අත්දැකීමකට හේතු වෙයි. නිවසේ කටයුතු බහුලවේ.

තම පවුලට නව සාමාජිකයකු එකතු වන බවත් පෙනෙන්නට තිබේ. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව 11, 12, 01, 02 යන ස්ථානවල ගමන් කිරීමට අනුව සතිය මැද සිට සුබයි. තම නිර්මාණ හැකියාව ප්‍රචලිත වන සතියකි. ලැබීම් ඉහළ යන බවක් ද පෙනෙන්නට තිබේ.

 

මකර ලග්නය - බොහෝ දෙනෙකුගේ ඇගයුමට

 

මකර ලග්නයට අනුව ඔබට තම වෘත්තීය ජයග්‍රහණයක් ගෙන එනු ඇත. තමා විසින් පෙන්වාදී තිබූ ආර්ථික ක්‍රියා මාර්ගයක් බොහෝ දෙනාගේ ඇගයුමට ලක්වීම නිසා එය ක්‍රියාත්මක කිරීමට මුල් තැන ලැබෙනු ඇත.

නීතියෙන් හා තව පුද්ගල පිරිසකගෙන් උදාවී තිබූ විරෝධතා සමනය වන අතර සිතේ. නිදහස නිසි ලෙස භුක්ති විඳීමට හැකියාව ගෙන දෙනු ඇත. චන්ද්‍රයා 10, 11, 12, 01 යන ස්ථානවල ගමන ඔබට සුබ ගෙන දෙයි.

 

කුම්භ ලග්නය - නව ආදායම් මාර්ග

 

කුම්භ ලග්නයට අනුව ඔබට මෙම සතිය ඉතා පුණ්‍යවන්ත ලැබීමකට හේතුයි. නිවසේ ආගමික කටයුත්තකට මුල් තැන දෙන අතර උත්සව ශ්‍රීයක් ද ගෙන දෙනු ඇත. තමා අධිෂ්ඨාන කර සිටි කටයුත්තක් සාර්ථක වන අතර නව ආදායම් මාර්ගයකට ද අවස්ථාව උදාවේ. චන්ද්‍රයා 09, 10, 11, 12 යන ස්ථානවල ගමන් කිරීම නිසා සියල්ල සුබ වුව ද රැකියාගත ගැටලුවක් උදාවනු පෙනේ. කල්පනාකාරී වන්න ඉවසීම හුරු පුරුදුවන්න.

 

මීන ලග්නය - ව්‍යාපාර ලාභ

 

මීන ලග්නයට අනුව චන්ද්‍රයා 08, 09, 10, 11 යන ස්ථානවල ගමන ඔබට සුබ වෙයි. කලක සිට පවත්වාගෙන ආ ව්‍යාපාරයක් හදිසියේ ලාභ උපදවන සුලු බවක් පෙන්වයි. තමාට තම අරමුණු කරා යාමට නව අධිෂ්ඨානයක් සිතට දැනෙනු ඇත. ආභරණ මිලදී ගැනීමක් ද අලංකාර ඇඳුම් රෙදි පිළි මිලට ගැනීමකට ද හේතුවනු ඇත. තමාගේ ක්‍රියා කලාපය නිසා වියදම අධික වුව ද ලැබීම් අතින් අඩුවක් නොවේ.

Comments