වී මිලදී ගැනීමේ ප්‍රශ්නය ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

වී මිලදී ගැනීමේ ප්‍රශ්නය ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1 අනිවාර්යයෙන් සාර්ථකයි. මේ රටේ ජනතාව දැක්කා ගොවියෝ වී මිල සම්බන්ධයෙන් උද්ඝෝෂණ කරනවා. තමන්ගේ අසතුට ප්‍රකාශ කරනවා.

මේ ගොවියෝ කියන්නේ තමන් ගේ නිෂ්පාදන හතළිහට ගත්තා හතළිස් පහට ගත්තා කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට කොතරම් මුදලක් වී නිෂ්පාදනයට යනවද කියලා අපි දන්නවා. ඒ පිරිවැයත් සමඟ සංසන්දනය කිරීමෙන් රුපියල් පනහේ පාලන මිලට අපි ආවා. රජයක් ලෙස අපි කැමැතියි පනහකට නොවෙයි, සියයක් හරි දීලා වී මිලට ගන්න.

පාරිභෝගිකයාගේ පැත්ත බැලූවිට මේ සහල් වැඩි වුවහොත් එහි වරද පටවන්නේත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටයි. අපි නියෝජනය කරන්නෙ ගොවි ජනතාව.

කෘෂිකර්ම අමාත්‍යංශය ලෙස අපි ගොවියා පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. නිෂ්පාදන වියදමට සාධාරණ මිලක් දෙන විට ඒ සාධාරණීකරණය කිරීමටයි මේ මිල නියම කළේ. පසුගිය කන්නයේදී අපි වී මිල පනස් හය දක්වා ඉහළ දැමුවා. වෙනමම ප්‍රවාහන ගාස්තුවක් දුන්නා. වී සහල් වුණාම අයිති වෙන්නේ වෙළෙඳ අමාත්‍යාංශයටයි. පාරිභෝගිකයාට සහල් ලබාදෙන මුදල සාධාරණ විය යුතුයි. මේ සියල්ල ගැන අපි සිතිය යුතුයි.

 

2 මහපරිමාණ මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිඳින්න ක්‍රම ගණනාවක් තියනවා. එක පාරට බිඳින්න බැහැ. වී අලෙවි කිරීම තහනම් කරන්න බැහැනේ. ඕනෑම කෙනකුට ව්‍යාපාර කරන්න පුළුවන්. සාධාරණ මිලක් සම්බන්ධයෙන් අපි ඉල්ලීමක් කරලා සියලු පාර්ශ්වයන් සමඟ මේ වගේ ව්‍යාපාර සඳහා එකඟතාව ඇති කරගතහොත් ගොවියා සහ පාරිභෝගිකයා යන සියලු දෙනාට සාධාරණ වෙනවා. රුපියල් 50ක මුදල මදි කියලා අපිට ගොවි සංවිධානවලින් විශාල ඉල්ලීම් කරනවා.

අපි එය වැඩි කරන්න දැනට යෝජනා කරලා තියනවා. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරමින් යනවා. සාධාරණ මුදලකට එකඟ වුණොත් අපිට මේ මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිඳින්න පුළුවන් වෙයි. ඒකාධිකාරිය බිඳිනවාට වඩා මේ අය සමඟ යම් කිසි අවබෝධයකට එන්නයි අපි උත්සාහ කරන්නේ.

 

3 නිෂ්පාදන වියදම ආවරණය වෙනවා. යම් කිසි යෝජනාවක් ඇවිල්ලා තියනවා ගොවි සංවිධානවලින් ත්‍රිකුණාමලය අම්පාර වැනි ප්‍රදේශවලින් හැටකට හෝ හැට පහක් වැනි මිලක් ඉල්ලමින්. අපි බලනවා ඒ ගැන ඉදිරියේදී වැඩි කරන්න පුළුවන්ද කියලා.

 

4 එහෙම වෙන්න හේතුවක් නැහැ. වීවලට පාලන මිලක් නොදැම්මොත් කවදාවත් පනහට පුද්ගලික අංශයෙන් ගන්නේ නැහැ. අපි මේ ඇත්තටම දාලා තියෙන්නේ පාලන මිලක් නොවෙයිනේ. අවම මිලක් මේ දාලා තියෙන්නේ. මෙහිදී වෙන්නේ අපි පනහයි කියලා අවම මිලක් දැම්මාම ඒ මෝල් හිමියෝ ගිහින් හැටට ගන්නවා. පාලන මිල පනහ වුණොත් හතළිහෙන් එහා ගන්නේ. ඇත්තටම කිසි පාලන මිලක් නැතිව පොහොර සහනාධාර නොදුන්න කාලයේ 2017 සහ 2018 වර්ෂවලදී රුපියල් 35යි ගොවියාට හම්බ වුණේ. අපි මේ යෝජනාව ගෙනාවේ ඒ නිසා. අපි කියන්නෙ වී අලෙවි මණ්ඩලයට ගෙනත් දෙන්න ඕනෑම වෙලාවක. කෘෂිකර්ම අමාත්‍යාංශයට කතා කරන්න අපි දුරකතන අංක දීලා තියෙන්නේ. වී අලෙවි මණ්ඩලයේ උප සභාපති ඉන්නවා. ඒ අයට කතා කරන්න. ගෙනත් දෙනවාට ප්‍රවාහනය සඳහා අපි රුපියල් එකයි පනහක් දෙනවා. යම් කිසි කුඹුරු යායකින් කතා කරලා කීවොත් මෙට්‍රික් ටොන් යම් කිසි ප්‍රමාණයක් තියෙනවා කියලා, අවශ්‍ය මුදල් සමඟ ඒ අයට යවන්න අපිට පුළුවන්. එතනදී කිරලා තෙත වී වේළුණු වී ගණන් මිණුම් බලලා අපිට ගන්න පුළුවන්.

 

5 ඒ වාසිය ලබාදීමේ අරමුණින් තමයි වී මිල පාලන මිලකට ගන්න උත්සාහ කරන්නේ. වී රුපියල් 70ට ගත්තොත් ඒ පිරිවැය එකතු කරලා කවදාවත් අපිට පාරිභෝගිකයාට වාසියක් දෙන්න බැහැ. හාල් මිල වැඩිවෙන්නේ ඒ නිසයි. පෞද්ගලික මෝල් හිමියන් කරන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගන්නවා නම් එයින් අසූ දාහක් විතර ගන්නවා පාලන මිලට. ඉන් පසුව සියයට 20ක් විතර රුපියල් හැත්තෑ පහට ගන්නවා. අරගෙන අවසානයේදී කියනවා ඒ අයගේ පිරිවැය විශාලයි, අඩු මිලට හාල් දෙන්න අමාරුයි කියලා . රුපියල් හැත්තෑ පහට ගත්ත නිසා පාලන මිලට දෙන්න බැහැ කියලා .

රටේ මිලියන 22කට කන්න දෙන්න ඕන. මුදල තීරණය කරන්න ඕන අපි. මේක එකම කාසියේ දෙපැත්තක් . එක් පැත්තක වී මිල . අනෙක් පැත්ත පාරිභෝගිකයාට දෙන හාල් මිල. මේ දෙකම ගැන හිතලා තමයි මේ මිල තීරණය වෙන්නේ. ගොවියා ළඟට ගිහිල්ලා ගොවියට පොහොර ටිකයි ණයයි දීලා ගොවි බිමේ හිරකාරයෙක් කරනවා.

ගොවි බිමේම කුලීකාරයෙක් වෙලා අස්වැන්න ආවාම කුණුකොල්ලයට ගොවියාගේ වී ටික අරන් යනවා . ගබඩාකරලා තියාගෙන ගොවියා අසරණ කරලා රටේ ජනතාවට හාල් හිඟයක් මවා පාලා හාල් නෑ කියලා පෙන්නලා හිතෙන ගණන්වලට වෙළෙඳපොළට දානවා. ඒ නිසාම වී අලෙවි මණ්ඩලය හරහා සතොස සහ සුපිරි වෙළෙඳසැල්වලට අපි පාලන මිලට හාල් දෙනවා. අපි බලාපොරොත්තු වෙන සාධාරණ මිලට ඒ ආයතනවල සහල් තියෙනවා..

 

 

1 සාර්ථකයි කියලා අපිට කියන්න බැහැ. ආණ්ඩුව ඉලක්කගත වී මිලදී ගැනීමට සමත් වෙලා නැහැ. ආණ්ඩුවට වී දෙන්න ගොවියා කොහොමත් කැමැති නැහැ. ගොවියාගේ තිබුණ වී මිලත් ආණ්ඩුව අඩු කරලා කියලා ගොවියා ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙලා නැහැ. මේ ආණ්ඩුව පළමුවැනි වතාවෙම ගොවියා තරහා කර ගත්තා. ආණ්ඩුව ගොවීන්ගේ පැත්තෙන් අසාර්ථකයි. තෙල්මිල වැඩි කිරීම නිසා ගොවියා දැඩි අසීරුතාවකට පත් වුණා. භූමිතෙල් මිල වැඩි කිරිම පොහොර සහනාධාරය නැතිවීමත් ඒ වගේම කාබනික පොහොර එක පාරට හඳුන්වා දීම නිසාත් රසායනික පොහොර එකවර නැති කිරීමෙන් ගොවියා දැඩි අසීරුතාවන්ට මුහුණ පාලා ඉන්නේ. ලොකු නිෂ්පාදන පිරිවැයක් මේ වනවිට ගොවියාට දරන්න වෙලා. රජය වී මිලදී ගන්න විට සියයට 17 දක්වා තෙත බර ඉවත් කරන්න අවශ්‍යයි. ගොවියෝ තවත් වී වේළන්න අවශ්‍යයි. ගොවියෝ රජයේ ගබඩාවට ගිහිල්ලා බාර දිය යුතුයි. ප්‍රවාහන වියදමක් යනවා. පුද්ගලික අංශයේ වී මිලදී ගන්නන් කමතට ඇවිල්ලා වී මිලදී ගැනීමක් කරනවා. රජය වී ගන්නවා කීවත් රජයට වී සපයන්න ගොවියෝ දැන් කැමැති නැහැ. යම් ප්‍රමාණයක් දෙයි. ආණ්ඩුවේ ඉලක්ක හාල් මිල අඩු කරන්න නම් මේ ඉලක්කවලට යන්න බැහැ.

 

2 කිසිම බිඳ වැටීමක් නැහැ. එසේ වීමට නම් ආණ්ඩු වී වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමක් කරන්න අවශ්‍යයි. වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට ආණ්ඩුවට නොහැකියි. කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වැඩි පහසුකම් ටිකක් ලබාදීලා ණය පහසුකම් ටිකක් ලබා දීලා ගොවියා සක්‍රිය කළ යුතුයි. එය කරලත් නැහැ මේ ආණ්ඩුව . මහා පරිමාණ මෝල් හිමියන් ඒ අයගේ ස්ථාවරය තියාගෙන ඉන්නවා. අපි ඉන්න ස්ථාවරය නම් මහ පරිමාණ මෝල් හිමියන් සිටිය යුතුයි, ඒ අය වැඩවර්ජනය කළොත් හාල් නිෂ්පාදනය නැවැතුණොත් රටට කන්න නැති වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට හාල් අවශ්‍යතාව සපුරන්න බැහැ. රජයත් හාල් ඇටයවත් නිෂ්පාදනය නොකර කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ඉතා කුඩා ප්‍රමාණයක් හාල් සැපයීම් කරද්දී සම්පූර්ණයෙන් හාල් රටට සැපයීමේ ඒකාධිකාරියක් රටේ තියෙද්දී මේ සඳහා මුහුණ දීම පිළිබඳව රජය මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය කෙසේවෙතත් ඒ අයත් සිටිය යුතුයි. ඒ අයගේ යම් හොඳ දේවලුත් තියනවා. ඒ අය හාල්වල යම් ප්‍රමිතියක් ආරක්ෂා කරමින් තාක්ෂණය භාවිත කරමින් ඒ දේ කරනවා. රජය යම් වී සංචිතයක් එකතු කර මෝල් හිමියන්ට විකුණලා වැඩක් නැහැ එය හාල් කරන්න ඕන. රජයේ යම් කිසි පංගුවක් හෝ සැපැයීම කරන්න අවශ්‍යයි. මහ මෝල් හිමියන්ට තමන්ගේ වැඩ කරන්න ඉඩ කඩ දිය යුතුයි. මහ මෝල් හිමියන් පන්නා දැමීම නෙමෙයි අරමුණ වෙන්න ඕන. මහා මෝල් හිමියන් නියාමනය කළ යුතුයි. අපි කියන්නේ සහල් නිෂ්පාදනයට අත ගහන්න ඕන රජය. රජය එක හාල් ඇටයක් වත් නිෂ්පාදනය නොකර මුකුත් කතා කරලා වැඩක් නැහැ. ක්‍රියාත්මක කරන්න පුළුවන් මෝල් තියෙනවා ඒවාවත් රජය ක්‍රියාත්මක කරන්නේ නැහැ. වෙළෙඳපොළේ යම් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට රජය කටයුතු කරන්න ඕන. මේ දෙක ශක්තිමත් වුණා ම මහ පරිමාණ මොල් හිමියන් නියාමනය වෙනවා. නමුත් ඒ අය සමඟ ඩීල් දාලා ඡන්ද කාලයේ ඒ අයගේ සල්ලි අරගෙන මේවා කරන්න බැහැ.

 

3 කිසිසේත් බැහැ. දැන් නිෂ්පාදන වියදම වැඩියි. ඉන්ධන මිල වැඩි කළා; කොළ මඩින්න ගහන්න වියදම් වැඩි වුණා. පොහොර නැහැ; තෙල් නැහැ; කෘෂිකර්ම නිෂ්පාදන භාණ්ඩ මිල වැඩි කෘමිනාශක නැහැ. කෘමි හානි සිදු වුණා. කෘමිනාශක වැඩි මිලට ගන්න වුණා. සමහර ගොවියොන්ට කුඹුරට පොහොර අඩුවුණා. ඒ වගේම ගොවියන්ට නිෂ්පාදන වියදම වැඩි වුණා. අස්වනු නෙළලා කොළමඬින ගාස්තු ගෙවලා බැලුවාම ගොවියට පාඩුයි .ගොවියෝ කුඹුරු ගිනි තිබ්බා සමහරු අත හැරියා. වී ඇටයක්වත් නැහැ . අස්වැන්න අඩුයි පිරිවැය වැඩියි. නිෂ්පාදන පිරිවැය මෙවර රුපියල් 45ක් පමණ වුණා. ගොවියට මේ රුපියල් 50ක මුදල කිසිසේත් සෑහිමකට පත්වෙන්න පුළුවන් කමක් නැහැ.

 

4 මේ පනත සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව කාලයේ ගෙනාවේ. මැතිනියගේ ආණ්ඩුව කාලයේ මේ පනතට ගොවියෝ කැමැතියි. අපිත් කැමැතියි. මේ අයගේ නායකයෝ ගෙනාපු පනතක් මේක. ඒ පනතට අනුව මේ අය ක්‍රියා නොකරන්නේ ඇයි? පනත සංශෝධනය කරන්න අවශ්‍ය දේවල් තියනවා නම් කළාට කමක් නැහැ. මේ දේවල් ක්‍රියාත්මක කරන්න ගියොත් ආණ්ඩුවට ඩීල් ගහන්න බැහැනේ. ඒ කාලයේ රජයේ මොල් හාල් නිෂ්පාදනයට අත ගහලා තිබුණා. ඒ තත්ත්වය උඩයි මේ පනත ගෙනාවේ. අද වන විට ඒ කිසිවක් රජය සතුව නැහැ. අද එවැනි තත්ත්වයක් රජයට නැති නිසා රටට හිතකර විදිහට යම් වෙනස්කම් කළාට කමක් නැහැ. සංශෝධන කරලා ඇයි මේ දේවල් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ආණ්ඩුව හාල්වලට විතරක් ගැසට් පහක් ගැහුවා. ගැසට් ගගහා දඟලන්නේ ඇයි? එයට අදාළ පනතක් තියනවා.

 

5 එහෙම වෙනවා නම් හොඳයි. ඒත් එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි. රජය වී මිලදී ගන්න ඕන මැදිහත්වෙලා. ආණ්ඩුව වැඩි පංගුවක් ගන්න සමත් වෙලා නැහැ. මේක සාර්ථක කරගන්න නම් රජය සැලකිය යුතු පංගුවක් මිලට ගත යුතුයි.

ගොවියන්ගේ ප්‍රමාණය රජය ළඟ තියෙන ප්‍රමාණය වැඩි වුණාම රජයකට මේ සඳහා බලපෑමක් කරන්න පුළුවන් සහල් මිල සම්බන්ධයෙන්. වී රුපියල් පනහට මිලදී අරගෙන ආයෙත් රජය වෙන කාටහරි විකුණලා වැඩක් නැහැ. ඉතිහාසයේ පුරාවට කළේ මේක. වී මිලට අරන් රජය අවතක්සේරුවට ලක් කරමින් නුසුදුසුයි කියලා නැවත මෝල් හිමියන්ටම විකුණනවා. මෙය නැවත මහා මෝල් හිමියන්ගේ අතට යනවා. මේ ඉතිහාසයේ පුරා වුණු දේ නවත්තලා දානවා නම් හොඳයි. රජය මැදිහත් වෙලා වී හාල් කරන්න පුළුවන් නම් හොඳයි. රජයේ වැඩ කරන මෝල් තවමත් තියනවා. එසේ නොකර බත් ටිකටත් මිනිසුන් රවටන දෙයක් කරලා වැඩක් නැහැ.

 

 

1. රජය වී වලට සහතික මිලක් නොවේ පාලන මිලක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ වී මිල පාලනයක්. ඒකෙන් වෙන්නේ ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්වීමයි. කොහොමත් වී මිල රුපියල් 42 ට 43 ට තියෙන්නේ. පාලන මිලක් දාන්නේ එතනින් පාලනය කරන්න. පහුගිය කාලේ 60 ට 70 ට වී විකිණුවා. දැන් 50 ක පාලන මිලක් දීලා වී අලෙවි මණ්ඩලය දන්නෙත් නෑ. ගොවියන්ට අද සිද්ධ වෙලා තියන්නේ මොකක්ද කියලා. මේ කන්නයේදී පොහොර ටිකවත් හරියට නැතුව ගොවියා කුඹුරු වැඩ කළේ. ගොවියා අසරණ තත්ත්වයකට පත් කරන්න මේ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

 

2 වී මෝල් හිමිකරුවන්ගේන් වැඩි කොටසක් ඉන්නේ ආණ්ඩුවේ. ආණ්ඩුවේ ඇමැතිවරයෙකුත් ඉන්නවා. ආණ්ඩුවට සම්බන්ධ අයත් ඉන්නවා. කෘෂිකර්ම ඇතිවරයා කයිවාරු ගැහුවට වී මෝල් කරයෝ පාලනය කරනවා කියලා, වී මොල් කාරයෝ ටික ආණ්ඩුවයි කෘෂිකර්ම ඇමතිවරයාවයි ආණ්ඩු මට්ටු කරනවා.

ආණ්ඩුවට දැන් වී මාෆියාව වළක්වා ගන්න බැරි වෙලා තියෙනවා. අපේ යහපාලන ආණ්ඩුව කාලේ මහා වී මෝල් හිමියන්ගේ මාෆියාව නවත්තන්න අපිට පුළුවන්කම ලැබුණා." ශක්ති " කියන වැඩපිළිවෙළ යටතේ කුඩා වී මෝල් හිමියන්ට අවශ්‍ය ආර්ථික ශක්තිය දීලා එක පැත්තකින් ගොවියා ආරක්ෂා කරන්නත් තව පැත්තකින් පාරිභෝගිකයා ආරක්ෂා කරන්නත් අපිට පුළුවන් වුණා.

මේ වන විට වී මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා . මේ වන විට මෝල් හිමියන් කිහිපදෙනෙක් හාල් මිල පාලනය කරනවා. මේ මෝල් හිමියන් තමයි මේ ආණ්ඩුව ගේන්න උදව් වුණේ. ඒක නිසා මේ අයව පාලනය කරන්න ආණ්ඩුවට බැහැ. ගොවීන්ට දෙමුහුන් බීජ වර්ග සඳහා අවශ්‍ය පොහොර, කෘමිනාශක, වල් නාශක අවශ්‍යයි.

මේ සියල්ල කරන්න ආණ්ඩුවට සල්ලි නැති වුණාට ආණ්ඩුවේ අයට වරදාන වරප්‍රසාද දෙන්න කටයුතු කරනවා. ඒ විතරක් නොවෙයි ධනපතියන්ට බදු සහන දීලා අහිංසක මිනිසුන්ගේ බඩු මිල වැඩි කරනවා.

 

3අද වෙනකොට පොහොර රුපියල් 3500 යි. දැන් කළු කඩකාරයෝ නැතිව බැරි තත්වෙකට පත් වෙලා. කෘමිනාශක වල්නාශක තහනම නිසා වෙළෙපොළේ තියන ඒවත් විශාල වශයෙන් මිල වැඩි වෙලා තියෙනවා.

තෙල් මිල වැඩි වුණා නිසා පෙට්‍රල් ගාස්තු වැඩි නිසා අනෙකුත් යන්ත්‍ර සූත්‍ර වල ගාස්තු වැඩි වෙලා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ගොවියාගේ නිෂ්පාදන වියදමට කිසිසේත්ම රුපියල් 50ක මිල සරිලන්නේ නෑ. ගොවියා අද අන්තිම අසරණ තත්ත්වෙට පත් කරන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. නිකන් පොහොර දෙනවා කියපු ආණ්ඩුව දැන් පොහොර ටිකත් නැති තත්ත්වයට පත් වෙලා.

 

4 වී අලෙවි මණ්ඩලය එදා පිහිට­ුවනු ලැබුවේ ගොවියාට සාධාරණ සහතික මිලක් ලබල දෙන්නයි .

මේ ආණ්ඩුව 2006 - 2007 වී අලෙවි මණ්ඩලය අලෙවි කළා. එයට තිබුණු ගබඩා ටිකත් මේ ආණ්ඩුව විකුණා දැම්මා. එයින් වී අලෙවි මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය නැත්තටම නැති වුණා. අද ආණ්ඩුව කයිවාරු ගහනවා.

වී අලෙවි මණ්ඩලය මාර්ගයෙන් වී ගන්නවා කිව්වට ලංකාවේ රජය වී මිලට ගන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. අනෙක් පැත්තෙන් රසායනික පොහොර ගේන්න සල්ලි නැති නිසා මේ අය මේ වනවිට කාබනික පොහොර ගැන කතාකරනවා.

ලෝකේ කොහේවත් සියයට සියයක් කාබනික පොහොර භාවිත කරලා නැහැ. ලෝකයේ අපිට වැඩිය තාක්ෂණයේන් ශක්තිමත් ආහාර ගැන සැලකිලිමත් අය පවා සියයට සියයක් කාබනික පොහොර පාවිච්චි කරන්නේ නැහැ. මේ විදිහට ගියොත් භූතානයට වගේ කන්න නැතිවෙනවා. ආණ්ඩුවේ වැරදි කළමනාකරණය නිසා සියලු දෙනාම දුක් විඳිනවා.

මහ කන්නයේදී ගොවියා අන්තිම අසරණ තත්ත්වයට පත්වෙයි. ආණ්ඩුවෙන් අපි අහනවා රුපියල් පනහකට පාලන මිලක් දාගෙන හිටියට වී ඒ මිල ගණන්වලට රජය ගන්නවා කිව්වට කොහොමද හාල් මිල අඩුවෙලා තියෙන්නෙ කියලා. එක් පැත්තකින් ලොකු සහල් මෝල් හිමියෝ හතරපස් දෙනෙක්ගේ අධිකාරිය.

පාරිභෝගික අධිකාරියෙන් තර්ජනය කළාට ඒව මාධ්‍ය ජවනිකා විතරයි. වී මෝල් හිමියෝ තුට්ටුකටවත් ගණන් ගන්නේ නැහැ.

වී මෝල් හිමියන් අද ඒකාධිකාරියක් ලෙස කටයුතු කරනවා.

අඩු මිලට වී අරන් වැඩි මිලට හාල් විකුණන කාලයක් ඇවිත් තියෙන්නේ. අපේ කාලයේ මේ විදිහට වී 40 හෝ 45 අරන් හාල් කිලෝවක් අපි රුපියල් 85ට දුන්නා.

අද ආණ්ඩුවට ඒ මිලටම වී අරන් හාල් මිල අඩු කරන්නේ නැහැ. මේ ආණ්ඩුවේ අසාර්ථක කළමනාකරණයක් දකින්න ලැබෙන්නේ. හමුදාව දාලා හැමතැනම පාලනය කරලා වැඩක් නැහැ. හමුදාව ඉන්නේ යුද්ධ කරන්නයි.

 

5 වී අලෙවි මණ්ඩලය සියයට දහයක්වත් හාල් මිලදී ගන්නේ නැතිව කොහොමද හාල්වල මිල අඩු කරන්නේ? කවදාවත් ඒක කරන්න බැහැ. ගිය පාරත් ඔය කතාවම කිව්වට හාල් මිල අඩු කරන්න බැරි වුණා .

ආණ්ඩුව මේ පාර අස්වැන්න එන්න තියෙද්දි පිටරටින් හාල් ඇණවුම් කළා. වී මෝල් හිමියන් පෝසත් කරන වැඩ පිළිවෙළක් මේ අය අද ක්‍රියාත්මක කරන්නේ. රටේ ජනතාව මෙයින් අසරණ වෙනවා.

 

 

 

 

 

 

Comments