විෂන්කෙයා වැල්ලවත්ත ශාඛාව නව ස්ථානයක | සිළුමිණ

විෂන්කෙයා වැල්ලවත්ත ශාඛාව නව ස්ථානයක

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන්කෙයා ආයතනය සිය වැල්ලවත්ත ශාඛාව නව මුහුණුවරකින් වඩා ඉඩකඩ සහිතව අංක 30, ගාලුපාර,කොළඹ 06 යන නව ස්ථානයේ දී විවෘත කරන ලදී.මෙම ශාඛාව විවෘත කිරීමට සමගාමීව ලොව ප්‍රකට සන්නාමයක් වන ෆිලිප්ස් සන්නාමය යටතේ ශ්‍රවණාධාර හඳුන්වා දීමද සිදු කරන ලද අතර දැන් ෆිලිප්ස් ශ්‍රවණාධාර විෂන් කෙයා වැල්ලවත්ත ශාඛාව සහ විශේෂිත ශාඛාවලින් ලබා ගැනීමේ හැකියාව ඇත.

විෂන්කෙයා වැල්ලවත්ත ශාඛාව ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ ඒකක දෙකකින් සමන්විත වන අතර මෙහි සේවාවන් සපයනු ලබන්නේ මනා පුහුණුවලත්, ඉහළ පළපුරුද්දක් ඇති අක්ෂි හා ශ්‍රවණ වෘත්තීයවේදීන් විසිනි.මෙහිදී පාරිභෝගිකයන් හට ලොව ප්‍රචලිත සන්නාම යටතේ ඇස් කණ්ණාඩි,අව් කණ්ණාඩි, අක්ෂි කාච, ශ්‍රවණාධාරක ඉතාම සාධාරණ මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ විෂන්කෙයාහි සාමාන්‍යාධිකාරී හර්ෂ මධුරංග මහතා මෙසේ පැවසීය. “රටේ දැනට පවත්නා තත්ත්වය මධ්‍යයේ වුවත් අපගේ ශාඛා ජාලය වැඩි දියුණු කිරීමට සහ ව්‍යාප්ත කිරීමට අපි සෑම විටම කටයුතු කරනවා.අපගේ පාරිභෝගිකයන් සමඟ වඩාත් හොඳින් සම්බන්ධ වෙමින් ඉදිරියට යා යුතු කාලය මෙය බව අප සිතනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ සහ ඒ අවට වෙසෙන සියලුම පාරිභෝගිකයන් හට වඩාත් ඉහළ මට්ටමේ සේවාවක් මෙම ශාඛාව තුළින් ලබා ගත හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. ”

 

Comments