විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවීමේදී සෙලාන් බැංකුවෙන් ප්‍රතිලාභ රැසක් | සිළුමිණ

විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවීමේදී සෙලාන් බැංකුවෙන් ප්‍රතිලාභ රැසක්

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් සිය මවු රටට මුදල් එවීමට හැකිවන ආකාරයට තම අභ්‍යන්තර ප්‍රේෂණ සේවාවන් වඩාත් සරල හා පහසු කිරීමට සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ.

එමෙන්ම මෙම සේවාවන් භාවිතා කරන්නන්ට අමතර ප්‍රතිලාභ රාශියක්ද හිමිවනු ඇත. ඒ අනුව විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ලබාගන්නා පුද්ගලයන්ට, එම මුදල් ක්ෂණිකව, පහසුවෙන්, පෝලිම් වල රැඳී සිටීමෙන් තොරව සහ අතිරේක ගාස්තුවකින් තොරව ලබාගත හැකි ය.

එමෙන්ම පවතින හුවමාරු අනුපාතයට අමතරව, ඇමරිකානු ඩොලර් එකක් සඳහා අමතර රුපියල් දෙකක මුදලක් ගෙවීමටද කටයුතු කරන අතර, එමගින් මුදල් ලබන්නා වෙත ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වේ. සෙලාන් බැංකුවේ ගිණුමක් නොමැති පුද්ගලයන්ටද මෙම සේවාව භාවිතා කළ හැක.

"ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු මේ වනවිට නිත්‍ය පදිංචිය සඳහා හෝ රැකියාවන් සඳහා විදේශගත වී සිටිනවා.

ලොව කොතැන සිටියත්, විශේෂයෙන්ම මෙවැනි දුෂ්කර කාලපරිච්ඡේදයන්වලදී තම ඥාති හිතමිතුරන් පිළිබඳව සොයා බැලීම හොඳ පුරුද්දක්.

කවදත් පාරිභෝගිකයන්ට මුල් තැන දෙන බැංකුවක් ලෙස, මෙම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සහ ඔවුන්ගේ ආදරණීයයන්ට විශිෂ්ට සේවාවක් මෙන්ම අමතර ප්‍රතිලාභ රාශියක් පිරිනැමීමට අප සූදානම්.

සෙලාන් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් භාවිතා කර එහි විශිෂ්ටත්වය අත්විඳින මෙන් ගනුදෙනුකරුවන්ට අප ආරාධනා කර සිටිනවා." සෙලාන් බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සේවා පිළිබඳ ජ්‍යේෂ්ඨ කළමනාකරු නලින් නිස්සංගආරච්චි මහතා පැවසීය.

 

Comments