මාරා­න්තික ඩෙල්ටා ශීඝ්‍ර­යෙන් පැතිරේ | සිළුමිණ

මාරා­න්තික ඩෙල්ටා ශීඝ්‍ර­යෙන් පැතිරේ

කොවිඩ් 19 රෝග වයිරසයේ ශීඝ්‍රයෙන් පැතිර යන ප්‍රභේදයක් වන ඩෙල්ටා වයිසරයේ විශාල වර්ධනයක් රටපුරා සිදුවෙමින් පවතින බැවින් සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (පුහුණු හා පර්යේෂණ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ සංඛ්‍යාව 117කි. එයට අමතරව ඉකුත් සතිය තුළ කොවිඩ් ආසාදිතයන් 17,225ක් හමු වූ අතර මිය ගිය සංඛ්‍යාව 497කි. කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් 351ක් හමු වූ අතර ඉන් 19 දෙනකු මියගොස් තිබේ. එමෙන්ම කොවිඩ් වැලඳුණු වයස අවුරුදු 18ට අඩු ආසාදිතයන් සංඛ්‍යාව 45,831ක් වන අතර එයින් 14 දෙනකු ද මියගොස් තිබේ.

Comments