කොවිඩ් පැතිර යෑමට උද්ඝෝ­ෂ­ණත් හේතු­වෙලා | සිළුමිණ

කොවිඩ් පැතිර යෑමට උද්ඝෝ­ෂ­ණත් හේතු­වෙලා

සුගිය මාස කිහිපය තුළ රට පුරා විවිධ උද්ඝෝෂණ 121ක් පැවැති අතර කොවිඩ් රෝගය පැතිර යාමට එය එක් ප්‍රධාන හේතුවක් බව බුද්ධි අංශ විසින් හෙළි කරගෙන තිබේ.

කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර රෝහල් ධාරිතාව ඉක්මවා යාමට ආසන්න හෙයින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද අසීරුතාවට පත්ව ඇත.

මෙම තත්ත්වය යටතේ අගෝස්තු 9 සඳුදා සිට නිවෙස් ආශ්‍රිත නිරෝධායන ප්‍රතිකාර ලබාදමේ ක්‍රමවේදයක්  දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ අතර සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් යල්වෙල පඤ්ඤාසේකර හිමි සිළුමිණ කියා සිටියේ දැනට සිදු කරගෙන ගුරු - විදුහල්පති උද්ඝෝෂණ මාලාව ලබන සඳුදා සිට තාවකාලිකව නතර කරන බවය. උද්ගතව ඇති වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන වෘත්තීය අරගල සියල්ල නතර කිරීමට තීරණය කළද ඔන්ලයින් උගැන්වීමේ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බවය.

Comments