සිසුන්ගේ දියු­ණු­වට විභාග ජයට ගණ දෙවි ආශි­ර්වා­දය | සිළුමිණ

සිසුන්ගේ දියු­ණු­වට විභාග ජයට ගණ දෙවි ආශි­ර්වා­දය

 චන්දිම ජයරත්න

 

ධනය , බුද්ධිය, සෞභාග්‍ය දරුවන්ගේ ඉගෙනුම, විභාග ජය, නිවසකට ගණදෙවි ආශිර්වාද ලැබීමේ පුද පිළිවෙත් අද දක්වන්නෙමු.

බෞද්ධ බැතිමතුන් බුදුන් වහන්සේට මල් පහන් සුවඳ දුම් ගිලන් පස දානමාන පුද පිළිවෙත් භක්ති පූර්වකව ඉටුකර දේවාශිර්වාදය ප්‍රාර්ථනාවෙන් ඊශ්වර, විෂ්ණු, කතරගම ගනේශ්වර ආදී හින්දු දෙවිවරුන්ට පුද පිළිවෙත් පවත්වා එම දෙවියන්ට පින්දී තම ලෞකික දියුණුවට අවශ්‍ය දෙවි පිහිට - දේව ආශිර්වාදය ඉල්ලා සිටීම ඈත අතීතයේ සිටම සිදු කරනු ලැබේ.

දෙවියන්ට පින්පෙත් පැමිණවීම සහ පූජා පැවැත්වීම විශේෂ කරුණු දෙකකි.

අප විසින් බුදුන් වැඳ යහපත් පුද පූජාවක් කර දේවාශිර්වාදය ඉල්ලා දෙවියන්ට පින් පෙත් දී‍මෙන් දේව බලය - දේව ශක්තිය වැඩි දියුණුවෙයි.

පුද පිළිවෙත් කිරීමෙන් දෙවියන් සතුටු වී දේව ආශිර්වාදය අප වෙත ලබා දෙනු ඇත.

අපගේ ගේදොර ස්ථානවල දියුණුව ඉඩකඩම් කර්මාන්ත ව්‍යාපාරවල දියුණුව, රැකියා ජීවන මාර්ග දියුණුව, ජීවිත ආරක්ෂාව ලැබෙයි.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය විභාග ජයග්‍රහණය රැකියා ජීවන මාර්ගවල ප්‍රගතිය දියුණුව ඇතිවෙයි. දරුවන්ට යහපත් අදහස් ඇතිවෙයි. සමාජයේ ප්‍රිය මනාප ලෙස ජීවත්වීමේ හැකියාව ඇතිවෙයි.

ගණදෙවි පූජා තැබීමෙන් බුද්ධිය - නුවණ සහ අධ්‍යාපන කටයුතු සඵල වීම - විභාග ජය උසස් අධ්‍යාපනයට ප්‍රවේශවීම, උගත් ගුණවත් අය නිරන්තරයෙන් ඇසුරට පත්වීම. පොත පතට ලැදි බව ඇතිවීම ගරු භක්තිය අසීමිත ලෙස ඇතිවීම නිරන්තරයෙන් ලැබෙනු ඇත.

ගණදෙවියන් අතිශය භක්තියෙන් හා විශ්වාසයෙන් යුතුව ගණ දෙවියන්ට පුද පිළිවෙත් දීමෙන් ව්‍යාපාර දියුණුව, ව්‍යාපාර ආරක්ෂාව, ස්වභාවික විපත්වලින් ආරක්ෂාවීම, තම සම්පත් සුරක්ෂිතවීම, ඇස්වහ දෝෂ, කටවහ දෝෂ දුරුවීම ආදි ශුභඵල ලැබේ.

සම්මුඛ පරීක්ෂණවලින් ජය ලැබීම, උතුමන් බැහැදැකීමට හැකිවීම, අන් අයගේ ගෞරවය ලබා ගැනීම ආදී ශුභඵල ලැබේ. අපගේ අපේක්ෂාව සඵල වීමට ගණදෙවි පූජාවක් විධිමත් ලෙස කැපකර වන්නේ කෙසේද යන්න පැහැදිලි කර ගත යුතුය.

ගණදෙවි ප්‍රතිමාව හෝ ගණදෙවි රූපය තැන්පත් කිරීම

බුදුන් වඳින ස්ථානයට තරමක් ඈතින් පිරිසිදු ස්ථානයක් තෝරා ගන්න. බුදු පිළිමයේ ඉදිරිපස ගණදෙවි රූපය නොතබන්න. බුදු පිළිමයේ ආලෝකය ගණදෙවි රූපය දෙසට වැටීම සුදුසු නැත.

බුදු පිළිමය තැන්පත් කිරීමේදී පොළොව සෙසු පිළිමවලට වඩා ඉහළින් තබන්න.

ධන සම්පත් භූමි සම්පත් වස්තුව හා සෞභාග්‍ය ලැබීමට පූජාව තැබීම

ගණදෙවි පූජාව රැකියා දියුණුව - විවාහ සඵලවීම ආදී ආර්ථික දියුණුව අරමුණු කරගෙන තැබීමේදී එම පූජාව විශේෂ ක්‍රමයකට තැබිය යුතුයි.

ගණ දේව ප්‍රතිමාවට මල්, බුලත්, ගිතෙල් පහනක්, හඳුන්කූරු, කැවිලි පෙවිලි තබා මෙම ගාථා 21 වරක් කියවන්න. පූජාව තබන්න (බදාදා, සෙනසුරාදා දිනවල)

ගණ දෙවියන්ට තමන්ගේ අවශ්‍යතාවය කියන්න.

ඕම් නමෝ සිද්ධි වීනාය කායි

සර්ව කාර්ය කර්ත්‍රෝ

සර්ව විග්න කර්ත්‍රෝ

සර්ව විග්න ප්‍රෂාම් නායි

සර්ව රාජාය වශ්ව කාරණායි

සර්ව ජාන් සර්වස්ත්‍රී

පුරුෂ කාර් ෂනායි

ශ්රීං ඕම් ස්වාහ

 

දෙවැනි පූජාව

නිවාස දේපළ ව්‍යාපාර ආරක්ෂාවට සහ දියුණුව පුද පූජා තබා මෙම ගාථාව 7 වරක් කියවන්න.

අංක 4 ස්තෝත්‍රය

දැන් මෙහි දැක්වෙන මන්ත්‍ර එකක් 07 වරක් බැගින් කියවන්න.

1. ඥාණේශ්වර ලම්බෝධර කර්ණ විලම්භීතං

හස්තාධර මොධක මූෂික වාහන නිත්‍යං

හස්ති චක්‍රදර මති ශ්‍රේෂ්ඨ දන්ත භින්නං

පුෂ්පාසන ගාමීනෝති ශ්‍රී ගණේෂදිව්‍යං

2. මාතා උමයංගන පීතෘ ගංගාධාරිං

ශ්වේත ඡත්‍රධාරි තුම් හේම වර්ණ දේහං

කාමා පල නාරි කේල පුෂ්ප මාල ඛණ්ථං

මහේෂ්වර පුත්‍ර දේව ආසනපු විෂ්ඨං

3. සම්මුඛ දේවේන්ද්‍ර භාතෘ සර්ව ශාස්ත්‍ර ගීතං

ඥාණේදක දානා නර නාරිනා සත්තං

ගෞරී ප්‍රිය පුත්‍ර දේව රාජාමතී ශ්‍රේෂ්ඨං

පුෂ්පාසන ඉදං කාල ගාමි නොති දිව්‍යං

අංක 3 පූජාව

‍ඉගෙනුම සඵල වී විභාග ජය ලැබීම

අධ්‍යාපන කටයුතු සඵල වීමටද විභාග ජයග්‍රහණය පාඩම් මතක සිටීමට ද දැනුම ප්‍රඥාව වැඩි දියුණුව ඇතිවීමට ද මෙම ගාථා 108 වරක් කියවන්න.

* අධ්‍යාපනයට, පැතුම් ඉටුවීමට, විභාග ජයට ගණදෙවි පූජාව

අධ්‍යාපනය ලබන දරුවන්ට, විවාහ අපේක්ෂිතයින්ට, තම බලාපො‍රොත්තු හා ප්‍රාර්ථනාවන් ඉටු කර ගැනීමට මෙම පූජාව තැබීමෙන් හැකිවේ. ඉතාම බලගතු ගණදෙවි මන්ත්‍රයක් මේ සඳහා ගායනා කෙරේ.

* අවශ්‍ය ද්‍රව්‍ය

1. රතුපාට ලියුම් කවරයක්, රතුපාට කොළයක්, පෑනක්

2. අඹරාගත් අමුකහ ස්වල්පයක්, රතුපාට මල්, උක් හකුරු, ඊතණ, ගිතෙල් පහනක්

3. මිදි, හඳුන්කූරු, පැණි රස කැවිල්ලක්, බුලත් කොළයක්

මේ සියල්ල සූදානම් කරගෙන ගණ දෙවියන් ඉදිරියේ වාඩිවී මෙම මන්ත්‍රය 21 ක් වතාවක් ගායනා කරන්න.

වක්‍රතුණ්ඩ මහා කාය - සූරිය කෝටේ ස්ව ප්‍රභා

නිර්විශ්නව් කුරු වේ දේවා - සර්ව කාර්යේෂු සර්වදා

ඕම් ගම් ගණපතයේ නමෝ නමහ - ශ්‍රී සිද්ධි විනායක නමෝ නමහ

අෂ්ඨ විනායක නමෝ නමහ - ගණපති බාප්පා මෝරයා

අංක 4 ස්තොත්‍රය ද 7වරක් කියවන්න.

දැන් රතුපාට කඩදාසිය ගෙන ඔබේ ප්‍රාර්ථනාව ලියන්න. එය කොටස් අටකට නවන්න. පාඩම් මතක තබාගැනීම, විභාගයෙන් සමත්වීම, විවාහ කටයුතු බාධාවකින් ‍‍ෙතාරව සිදුකර ගැනීම ආදී ප්‍රාර්ථනාවන් එහි ලියන්න.

කුඩා දරුවන්ට පවා කියැවීමට හැකි නුවණ වඩවන

ගණදෙවි ස්තොත්‍ර

විභාග ජයග්‍රහණයට

අංක 04

නීල සිංහාසන දේව

නීල පද්මෝප ශෝභිත

නීලම්භර ධර නිත්‍ය

නීල ගන්ධානුලේපන

නීලාක්ෂ රූප භස්ථාව

නීල වන්දන චාර්විත

වන්දේ සිද්ධ ගාන්ධර්වෙ

ඍෂිභීහි ස්ථූපථෙ සදා

නීලා සරස්වතී රූප

ශ්‍රී උච්චිෂ්ඨා මහා ගණපති නමඃ

යේ සමරණ තේ ත්‍රිසන්ධ්‍යාම්

සර්ව විද්‍යාම් ලභන්ති

ගණදෙවි රූපයක් හෝ ප්‍රතිමාවක් ඉදිරියේ දිනපතා මෙම ස්තෝත්‍ර මල්, පහන් පුදා දිනකට 7 වරක් කියවන්න. ඉගෙනුම සඵල වීම විභාග ජයග්‍රහණය බුද්ධිය නුවණ වර්ධනය වෙයි.

ගණදෙවි වරප්‍රසාදය ආශිර්වාදය ලැබෙයි.

Comments