UniDil සමූහ ව්‍යාපාරය සේවය කිරීම සදහා වඩාත් සුදුසු ආයතන 40 අතරට | සිළුමිණ

UniDil සමූහ ව්‍යාපාරය සේවය කිරීම සදහා වඩාත් සුදුසු ආයතන 40 අතරට

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇසුරුම් නිෂ්පාදකයා වන UniDil සමූහ ව්‍යාපාරය, සිය විශිෂ්ට ව්‍යාපාර ගමනේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ සේවය කිරීමට වඩාත් සුදුසුම ආයතන 40 අතරට Work Place International ආයතනය විසින් නම් කරන ලදී.

මානව සම්පත් සම්බන්ධතා හා සංවර්ධනය සම්බන්ධව සිදුකරන ලොව පිළිගත් සමීක්ෂණයක් ඔස්සේ සෑම වසරකම නම් කරනු ලබන මෙම ලැයිස්තුවට, ලොවපුරා ප්‍රමුඛ පෙළේ ආයතන සමීක්‍ෂණයට ලක් කරනු ලැබ්.

යුරෝපයෙන් සහ චීනයෙන් ගෙන්වන ලද නවීන යන්ත්‍රෝපකරණ භාවිතයෙන් ගුණාත්මකව සහ ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදුකරමින්, ඇසුරුම් ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන UniDil සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ කීර්තිමත්ම ව්‍යාපාර සමූහයක් වන Valible One සමාගම් සමූහයට අයත් තවත් උපසමූහ ව්‍යාපාරයකි.

Comments