SLT-MOBITEL Bizchat වෙතින් ෆේස්බුක් චැට්බොට් සේවා­වක් | Page 2 | සිළුමිණ

SLT-MOBITEL Bizchat වෙතින් ෆේස්බුක් චැට්බොට් සේවා­වක්

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට සුවිශේෂී අත්වැලක්

ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සිය SLT-MOBITEL Bizchat සේවාව තවදුරටත් වැඩිදියුණු කරමින් නව ෆේස්බුක් චැට්බොට් සේවාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට නවීන තාක්ෂණයෙන් ප්‍රතිලාභ ලබමින්, ෆේස්බුක් සමාජ මාධ්‍ය පදනම ඔස්සේ තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට අත්වැලක් වීම මෙහි මූලික අරමුණ වී තිබේ.

කෘතිම බුද්ධි තාක්ෂණය (Artificial Intelligence - AI) පදනම් කරගත් SLT-MOBITEL Bizchat සේවාව, ස්වයංක්‍රීය සංවාද තාක්ෂණයකි.

විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සමඟ එකවර සංවාදයේ යෙදීමට හැකි වන ආකාරයට එය සැලසුම් කර තිබේ. ලාංකික සමාගම් වලට තම වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටු ඔස්සේ පාරිභෝගිකයන් හා සම්බන්ධතා පවත්වා ගැනීමට මෙය උපකාරී වෙයි.

SLT-MOBITEL Bizchatසේවා එකතුවට එක් වූ නවතම සුහුරු විසඳුම වනමෙම චැට්බොට් සේවාව වෙබ් අඩවියකට ඇතුළත් කරගැනීම සඳහා කළ යුතු වන්නේ සරල කේත පෙළක් අදාළ වෙබ් අඩවියට 'copy & paste' කිරීම පමණි. සේවාදායකයන්ගේ ඉල්ලීම පරිදි චැට්බොට් සේවාව ස්ථාපිත කිරීම සඳහා සහය ලබාදීමටද SLT-MOBITEL කටයුතු කරනු ඇත.

Comments