Daraz වෙතින් ඉටු­කම COVID අර­මු­ද­ලට මිලි­යන 2 ක පරි­ත්‍යා­ග­යක් | සිළුමිණ

Daraz වෙතින් ඉටු­කම COVID අර­මු­ද­ලට මිලි­යන 2 ක පරි­ත්‍යා­ග­යක්

දකුණු ආසියාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය ලෙස ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලාංකික ජනතා විශ්වාසය දිනාගත් Daraz විසින් ක්‍රියාත්මක කරනු ලබන ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ, ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රුපියල් මිලියන 2 ක මුදලක් සහ වසංගත වළක්වාලීමේ ජාතික සේවයේ නියුතු සෞඛ්‍යසේවා වෘත්තිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල 1000ක් පරිත්‍යාග කරනු ලැබීය.

Daraz නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දර්ශික අත්තනායක සහ පරිපාලන හා ප්‍රසම්පාදන අංශ ප්‍රධානී මලිත් රණදේව විසින් එම පරිත්‍යාගය 2021 ජූලි මස 21 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් වෙත පිළිගැන්වීම සිදුකෙරුණ අතර එම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොශාන් රණසිංහ යන අමාත්‍යවරුන් එක්වූහ.

Comments