හොන්ඩා ලංකාවේ ආදරය දිනාගත් මෝටර් රථ සන්නාමය වෙයි | Page 2 | සිළුමිණ

හොන්ඩා ලංකාවේ ආදරය දිනාගත් මෝටර් රථ සන්නාමය වෙයි

 

 

ගෝලීය COVID-19 වසංගතය අනෙකුත් සෑම කර්මාන්තයකටම මෙන්ම මෝටර් රථ කර්මාන්තයට ද දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ඊටත් වඩා, වාහන, යතුරුපැදි සහ ස්කූටර් ආනයනය සඳහා ඇති සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ වෙ‍ෙළඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබේ. විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම අවම කර ගැනීමේ පියවරක් ලෙස 2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තහනම් කෙරිණි. එය තවත් වසර දෙකක් අඛණ්ඩව පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට මෝටර්රථ කර්මාන්තයේ නිරත පිරිසේ ආදායම සියයට 60 ක් පමණ අහිමි වී ඇති අතර පිරිවැය පියවා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත. මෙම තත්ත්වය ජය ගැනීම සඳහා ස්ටැෆර්ඩ් මෝටර් සමාගම වැනි මෝටර් රථ සමාගම් තම ස්ථාවරයේ සිට අලෙවියෙන් පසු සේවා කෙරෙහි අවධානය යොමු කර ඇත. එහිදී වෙ‍ෙළඳ පොළේ වාහන නඩත්තු කිරීම සඳහා නව නිෂ්පාදන හා සේවාවන් දියත් කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ. න්ඩා පාරිභෝගිකයින්ට සහතික කළ උසස් තත්ත්වයේ හොන්ඩා වාහන මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙමිනි.

Comments