සිංගර් ශ්‍රී ලංකා, Hi-Fi Audio සහ Sound Bar නිෂ්පා­දන සන්නාම තානා­ප­ති­නිය ෆැලන් ඇන්ඩ්‍රියා | Page 2 | සිළුමිණ

සිංගර් ශ්‍රී ලංකා, Hi-Fi Audio සහ Sound Bar නිෂ්පා­දන සන්නාම තානා­ප­ති­නිය ෆැලන් ඇන්ඩ්‍රියා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් මෙරට ජනප්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පිනියක් වන ෆැලන් ඇන්ඩ්‍රියා සිය Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන පෙළ සඳහා නව සන්නාම තානාපතිනිය ලෙස පත්කළ බව නිවේදනය කරන ලදී. මේ සඳහා වන නව ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹ සිංගර් ප්‍රධාන කාර්යාලයේදී පැවැතිණි. දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් නවයෙහි කිරුළ හිමිකරගත් ෆැලන් ඇන්ඩ්‍රියා මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය සහ දක්ෂ කලාකාරිනියක් වන අතර ඇය තාරුණ්‍යය නියෝජනය කරමින් විවිධාකාර ශෛලීය ගීත ගායනා කරමින් ශ්‍රී ලාංකික ජනාදරයට පත්ව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකාහි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා පැවසුවේ සිංගර්, Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන පෙළ සඳහා නව සන්නාම තානාපතිනිය ලෙස ෆැලන් ඇන්ඩ්‍රියා සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම සතුටට කරුණක් බවය.

ඉදිරියේදී සිංගර් නවෝත්පාදන මුල්කරගත් නිෂ්පාදන රැසක් වෙ‍ෙළඳපොළට හඳුන්වාදීමට නියමිත බවත් හෙතෙම පැවසුවේය. “කලාකාරිනියක ලෙස ෆැලන් සතු විශිෂ්ට කීර්තිනාමය සහ තාරුණ්‍යය තුළ ඇති ජනප්‍රියත්වය නිසා Hi-Fi නිෂ්පාදන පුළුල් කිරීමට දරන උත්සාහයේ දී අපට විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ ආකර්ශණය දිනා ගැනීමට හැකිවනු ඇත.

Comments