‘සබඳ පබිලිස්‘ හා ‘සිරි සිරිමල්‘ සති අන්තයේ පුංචි තිරයට | Page 2 | සිළුමිණ

‘සබඳ පබිලිස්‘ හා ‘සිරි සිරිමල්‘ සති අන්තයේ පුංචි තිරයට

 

 

වසර ගණනාවකට පෙර ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ‘සබඳ පබිලිස්‘ හා ‘සිරි සිරිමල්‘යන ජනප්‍රිය ටෙලි නාට්‍ය ද්විත්වය සති අන්තයේ යළි විකාශය කිරීමට ජාතික රූපවාහිනිය පියවර ගෙන ඇත. ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රම කථාව, දෙබස් හා තිර නාටකය ලියූ ‘සබඳ පබිලිස්‘හාස්‍ය උත්පාදක ටෙලි නිර්මාණය චන්ද්‍රරත්න මාපිටිගමගේ අධ්‍යක්‍ෂණයකි. ජෝ අබේවික්‍රම, ඇන්ටන් ජූඩ්, විජේරත්න වරකාගොඩ සහ විනෝජා නිලන්ති ඇතුළු ශිල්පීන් චරිත නිරූපණය කළ මෙම ටෙලි නාට්‍යය සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රි 9.15 ට විකාශය කෙරේ.

සුනිල් කොස්තා අධ්‍යක්‍ෂණය කළ ‘සිරි සිරිමල්‘ටෙලි නාට්‍යය අගෝස්තු 07 වැනිදා සිට සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. ඉෂාම් සම්සුදීන්, ටෝනි රණසිංහ, ලූෂන් බුලත්සිංහල, දයා අල්විස්, ජී. ආර්. පෙරේරා, මොරින් චාරුණී, ක්ලීටස් මෙන්ඩිස්, චන්ද්‍රා කලුආරච්චි, ගීතා කාන්ති ජයකොඩි, අසේල ජයකොඩි සහ එඩ්වඩ් ගුණසේකර ඇතුළු පිරිසක් එහි චරිත නිරූපණය කරති.

 

 

Peo Legend 
වැඩ­ස­ට­හ­නෙන් 
ස්ටැන්ලි පීරිස් ඇගයේ
 
ප්‍රවීණ සංගී­ත­වේදී ස්ටැන්ලි පීරිස්ගේ සත්සර මෙහෙ­වර අග­යන ‘Peo Legend මියැසි ඇසු­රක සොඳුරු මත­කය‘ගීත­මය විචි­ත්‍රාං­ගය අගෝස්තු 03 වැනිදා අඟ­හ­රු­වාදා රාත්‍රි 10.00 ට ජාතික රූප­වා­හි­නිය ඔස්සේ විකා­ශය කෙරේ. ස්ටැන්ලි පීරිස් සංගී­ත­වත් කළ මියුරු ගීතා­ව­ලි­යක් නවමු සංගී­ත­යෙන් මෙහිලා ඉදි­රි­පත් කෙරෙන අතර කීර්ති පැස්කු­වෙල්, රාජු බණ්ඩාර, දීපිකා ප්‍රිය­ද­ර්ශනී, වසන්තා තිල­කාං­ගනී, ජයන්ත දිසා­නා­යක, චාමික සිරි­මාන්න, උපේකා නිර්මාණි, සනුක වික්‍ර­ම­සිංහ, වින්ඩි ගුණ­ති­ලක සහ අනූෂා නානා­ය­ක්කාර ඇතුළු ගායක ගායි­කා­වන් පිරි­සක් ඊට හඬ මුසු­කර ඇත. නිලාර් එන්. කාසිම් පිට­පත ලියා ඉදි­රි­පත් කරන ‘Peo Legend‘ ජාතික රූප­වා­හි­නිය වෙනු­වෙන් නිෂ්පා­ද­නය කරන්නේ චින්තක අනු­රුද්ධ පෙරේ­රායි.
 
 
 
ජාතික රූප­වා­හි­නි­යෙන් 
වේදිකා නාට්‍ය මාලා­වක් 
 
විද්‍යුත් මාධ්‍ය මඟින් වේදිකා නාට්‍ය කලාව පිළි­බඳ කිසිදු තැකී­මක් නොක­රන අව­දි­යක විශිෂ්ට නාට්‍ය පෙළක් යළි ජන­තාව හමු­වට රැගෙන එන්නට ජාතික රූප­වා­හි­නිය  කට­යුතු කර තිබේ. සෑම සති­ය­කම සඳුදා සිට බ්‍රහ­ස්ප­තින්දා දක්වා රාත්‍රී 9.15ට ජාතික රූප­වා­හි­නිය ඔස්සේ විශි­ෂ්ට­තම වේදිකා නාට්‍ය මාලා­වක් විකා­ශය කිරී­මට කට­යුතු යොදා තිබේ. මෙය නම් කර ඇත්තේ Home Theater නමිනි. මෙහි ආර­ම්භක පිය­වර ලෙස මේ දින­වල කොටස් වශ­යෙන් විකා­ශය වන්නේ ලූෂන් බුල­ත්සිං­හ­ලගේ "තාරාවෝ ඉගි­ලෙති" නාට්‍ය­යයි. ඉන් අන­තු­රුව ‘මායා දේවි‘, ‘හුණු­ව­ටයේ කතාව‘, ‘කැලණි පාලම‘, ‘තල­මල පිපිලා‘, ‘දෝන කත­රිනා‘, ‘රතු හැට්ට­කාරි‘, ‘දික්තල කාල­ගෝල‘, ‘බෙර­හඬ‘, අහ­සින් වැටුණු මිනිස්සු ඇතුළු නාට්‍ය ගණ­නා­වක් විකා­ශය කිරී­මට නිය­මි­තව ඇත.

Comments