ගුණා­ත්මක නැති දෙයක මට ඉන්න අව­ශ්‍ය නැහැ | සිළුමිණ

ගුණා­ත්මක නැති දෙයක මට ඉන්න අව­ශ්‍ය නැහැ

 
 
සුජානි මේනකා කියූ විට දන්න පිරි­සට වඩා තව­මත් ඇය ජන­ප්‍රිය වන්නේ සතෙන් සතේ එකතු කරපු පුංචි කෙල්ල විදි­හ­ටයි. දශක තුනක් ගෙවු­ණත් තව­මත් ඒ ආද­රය නොඅ­ඩුව විඳිමේ වාසනා ගුණය හිමි වූ ඇය කලින් කලට ගුණා­ත්මක කලා නිර්මාණ ඔස්සේ සිය දක්ෂ­තාව පෙන්ව­මින් ඒ ඔස්සේ රංග­නයේ තම අන­න්‍ය­තාව ගොඩ­නඟා ගත් රංගන ශිල්පි­නි­යක්. බොහොම නිහ­ඬව කලාවේ සාර­වත් ගම­නක යෙදෙන සුජානි රංග­න­යෙන් නැවත පුංචි තිරයේ ප්‍රේක්ෂ­කයා හමු­වන්නේ වසර දෙකක විරා­ම­ය­කින් අන­තු­රු­වයි. ඒ මේ දින­වල විකා­ශය වන සාලින්ද රත්නා­යක අධ්‍ය­ක්ෂ­ණය කළ 'පෝක් වීදිය' ටෙලි නිර්මා­ණ­යෙන්.
 
 සුජානිගේ රංග­න­යක් නැවත දකින්නේ කාලෙ­කින්?
අවු­රුදු දෙකක විරා­ම­ය­කට පස්සේ තමයි මම නිර්මා­ණ­ය­කට සම්බන්ධ වුණේ. ''පෝක් වීදිය' කියන්නේ අද කාල­යට වඩාත් උචිත නාට්‍ය­යක් නිසාම එය ප්‍රේක්ෂ­ක­යන්ට අලුත් අත්දැ­කී­මක් වේවී. ඒ නිර්මා­ණය වගේම මට ලැබුණු චරි­ත­යත්  නිරූ­ප­ණය කරන්න බොහොම ආස හිතෙන චරි­ත­යක්.
 
 ඒ චරි­තය නිසා­ම ද ඔබ මේ නිර්මා­ණ­යට කැමැති වුණේ ?
කාල­යක් වැඩ කර­ගෙන යද්දි සම­හර අධ්‍ය­ක්ෂ­වරුන් හා තිර­පි­ට­පත් රච­ක­යන් ගැන අපට හොඳ විශ්වා­ස­යක් සහ අව­බෝ­ධ­යක් ගොඩ­නැ­ඟෙ­නවා. මේ නාට්‍යයේ පිට­පත අසංක සාය­ක්කා­රගේ. මම ඔහුගේ නිර්මා­ණ­වල රඟ­පාන්න ප්‍රියයි. නළු නිළි­ය­න්ගෙන් නිර්මා­ණ­යට අවශ්‍ය උප­රි­මය ගන්න පුළු­වන් විදි­හට ලියන්න ඔහු දන්නවා. මේ නාට්‍යය අධ්‍ය­ක්ෂ­ණය කර­න්නෙත් කලක් සහාය අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් විදි­හට වැඩ කළ සාලින්ද රත්නා­යක. හොඳට රඟ­පාන්න පුළු­වන් චරි­ත­යක් ලැබු­ණම ඒ චරි­තය කරන්න ලොකු කෑද­ර­ක­ම­කුත් නොදැ­නු­ව­ත්වම ඇති වෙනවා. 'පෝක් වීදිය' කිය­න්නෙත් ඒ වගේ කෑද­ර­ක­මක් ඇති කරපු නිර්මා­ණ­යක්.
 
 සුජා­නිට පහු­ගිය කාලයේ රංග­න­යෙන් විරා­ම­යක් ගන්න විශේෂ හේතු­වක් තිබු­ණද?
එක දිගට රඟ­පාලා අවු­රු­ද්දක විතර විරා­ම­යක් ගන්නයි මට ඕනෑ වුණේ.  මම එකම විදිහේ නාට්‍ය කරන්න කැමැති කෙන­කුත් නෙවෙයි. විවේ­කීව හිටපු කාලෙත් නිර්මාණ බොහො­ම­ය­කට ආරා­ධනා ලැබු­ණත් ඒ පිට­පත් බල­න්න­වත් මම උනන්දු වුණේ නෑ. දෙවැනි අවු­රුද්දේ නිර්මා­ණ­ව­ලට දායක වෙන්න සූදා­න­මි­නුයි හිටියේ. මේ වසං­ගත තත්ත්වය නිසා චිත්‍ර­පට තුනක, ටෙලි නාට්‍ය හත­රක විතර වැඩ කල් දාන්න වුණා.
 
 නොබල හිටපු පිටපත් අතර මඟහැරුණු හොඳ නිර්මා­ණත් ඇති?
රංගන ජීවි­තයේ නොලැ­බුණු දේවල් වගේම ලැබි­ලත් ප්‍රති­ක්ෂේප කරන්න වුණු නිර්මාණ තිබෙ­නවා. ඒ සම­හර නිර්මාණ ඉතාම ගුණා­ත්ම­කයි. එහෙත් මම මගේ ජීවිතේ ඒ නැති­වුණු දේවල් ගැන දුක් වෙන කෙනෙක් නෙමෙයි. ඉදි­රි­යට කරන්න තියෙන දේ ගැනයි හිතන්නේ.
 
 දිගු නාට්‍ය­ව­ලට දායක නොවීමේ 
වාර­ණ­ය­ක ද ඔබ ඉන්නේ?
නාට්‍ය­යක උප­රිම කොටස් සියය පැන්නට පස්සේ නිර්මා­ණ­ක­රුවෝ ඒ නිර්මා­ණයේ ගුණා­ත්මක බව රැක­ගන්න උත්සාහ කරන්නේ නෑ. ගුණා­ත්මක නැති එවැනි දෙයක මට ඉන්න අව­ශ්‍ය­යත් නැහැ. ආර්ථික ප්‍රශ්න තිබු­ණත් කරන දේ සතු­ටින් කර­න්නයි මම කැමැති. දායක වුණු එකම මෙගා නාට්‍ය­යෙත් මෙත­නින් එහා මට කරන්න බෑ කියලා මම ඉවත් වුණා.
 
 වෘත්තී­ය රංගන ශිල්පි­ය­කුට හෝ ශිල්පි­නි­ය­කට එවැනි ස්ථාව­ර­යක සිටීම පහසු ද?
කොහෙත්ම පහසු නෑ. නමුත් කොත­රම් අප­හසු වුණත් මගේ ඒ ස්ථාව­රය තුළයි මම වැඩ කරන්නේ. ප්‍රේක්ෂක ආද­රය අපට ලැබුණේ මේ ක්ෂේත්‍රය නිසා. ඔවුන් ප්‍රති­ක්ෂේප කළොත් අපි කොහොම සල්ලි හම්බ කළත් වැඩක් නෑ. මේ ක්ෂේත්‍රයේ තෝරා­ගෙන වැඩ­ක­රන්න පුළු­වන් ස්ථාව­රය මට ලැබෙන්නේ බිමල්ගේ සහා­යත් එක්ක.
 
 පව­තින්න අප­හසු මෙවැනි ක්ෂේත්‍ර­යක ඔබ ස්ථාව­රව රැඳෙන්නේ කොහො­ම ද?
දැනට මේ ක්ෂේත්‍රයේ ජීව­තුන් අතර සිටින සහ ජීවි­ත­යෙන් සමු­ ගත් බොහො­ම­යක් අධ්‍ය­ක්ෂ­වරුන් සමඟ මම වැඩ කරලා තිබෙ­නවා. ඒ නිර්මා­ණ­ක­රු­ව­න්ගෙන්, රංගන ශිල්පීන්, ශිල්පි­නි­ය­න්ගෙන් අපි ඉගෙන ගත් දෑ සහ ලැබුණු අත්දැ­කීම් බොහො­මයි. සුජානි මේනකා යන රංගන ශිල්පි­නි­යගේ අන­න්‍ය­තාව සහ පැවැත්ම ගොඩ­නැ­ඟෙන්නේ ඒ  ලැබුණු දැනු­මෙන් සහ අත්දැ­කී­ම්ව­ලින්.
වර්ත­මා­න­යෙත් මේ ක්ෂේත්‍ර­යට දක්ෂ පිරි­සක් ඉන්නවා. නමුත් ගැට­ලුව තිබෙන්නේ ඔවුන්ගේ හැකි­යාව හඳු­නා­ගන්න වැඩ නැති­කම. ලැබෙන දේ කර­මින් ඔවුන්ගේ හැකි­යාව හඳු­න­ගන්න බැරි විදි­හට ඔවු­නුත් අද විසි­රිලා.
 
 රංග­න ජීවි­ත­යට ඇයි ඔත­රම් සීමා පන­ව­ගෙන ඉන්නේ?
මම වඩාත් කැමැති පෞද්ග­ලික ජීවි­ත­යට හානි­යක් නොවෙන්න හැම­දේම සම­බ­රව  කර­ගෙන යන්න. අපි දෙන්නම එක් විදි­හට කාර්ය­බ­හුල වුණොත් අපේ පෞද්ග­ලික ජීවි­තය විඳින්න බැරි වෙන්න පුළු­වන්. විවා­හ­යට පෙරත් කොත­රම් කාර්ය­බ­හුල වුණත් මගේ පවුල වෙනු­වෙන් කාලය වෙන් කළා. විවා­හ­යෙන් පස්සෙ බිම­ල්ටත් මම ඒ තැනම දෙනවා. එය වෘත්තීය ජීවි­ත­යට ආසා­ධා­ර­ණ­යක් විදි­හට කෙන­කුට දැනෙන්න පුළු­වන්. මෙහෙ අපි පෞද්ග­ලික ජීවි­තය විඳලා තියෙන්න ඕනේ. ඒ දේවල් නැති කර­ග­ත්තොත් ආපහු ඒ කාලය ගන්න බෑ.
 
 ඔබේ රංගන ජීවි­ත­යට බිමල්ගෙන් ලැබෙන්නේ මොන ­වගේ සහා­යක් ද ?
මට වැඩ­ව­ලින් නිවා­ඩු­වක් ගන්න හිතු­ණොත් මම ඒක බිමල්ට කිය­නවා. ඒ අව­ස්ථා­වට අනුව ඒ තීර­ණය ගත යුතුද නැතිද යන්න හේතූ පහ­දලා දෙනවා. මගේ ගැට­ලු­ව­ලට හරිම උත්තර සහ මටත් වඩා මගේ ජීවිතේ තීරණ ගන්නේ බිමල්. ඔහු ගන්න තීරණ මම ක්‍රියා­ත්මක කර­නවා.
 
 සතෙන් සතේ එකතු කරලා ලැබුණු ප්‍රේක්ෂක ආද­රය නේද තව­මත් සුජානි 
පරෙ­ස්සම් කර­ගෙන ඉන්නේ?
ඒ ආද­රය ගැන මට අද­ටත් පුදු­මයි. තව­මත් සුජානි කිව්වම නොදන්න අය සතෙන් සතේ කිව්වම මාව හඳු­න­නවා. ඒ වෙළෙඳ දැන්වීම කරලා දැන් අවු­රුදු තිහ­ක­ටත් වැඩියි. අද­ටත් ඒ මත­කය හා ලැබෙන ප්‍රේක්ෂක ආද­රයේ අඩු­වක් නැහැ. බිමල්ට කොරෝනා හැදුණ වෙලා­වෙත් ගොඩක් අය අපි ගැන හොයලා බැලුවා. බිමල් වෙනු­වෙන් බෝධි පූජා කළා. අපට මෙච්චර මිනිස්සු ආද­රය කර­න­වද කියලා පුදුම හැඟී­මක් මට ඇති වුණේ. ඒ ආද­රය වාස­නා­වක් කියලා හිත­නවා හැරෙන්න වෙන මොනවා හිත­න්නද...
 
 කලා ක්ෂේත්‍රය කිය­න්නෙම කතා මැවෙන තැනක්... 
ඒ අතර ඔබව රැක ගත්තේ කොහො­මද?
මගේ මවු­පි­යන් අපිව හදපු විදි­හක් තියෙ­නවා. ඒ හැදුණු විදිහ තමයි මම රැක­ගෙන ආවේ. ඒ විදිහ නිසාම මට ප්‍රේක්ෂ­ක­ය­න්ගෙන් නර­කක් අහන්න වුණෙත් නෑ. විවා­හ­යෙන් පස්සෙත් මට මාව වෙනස් කර­ගන්න වුණේ නෑ. බිම­ල්ටත් මගේ මවු­පි­ය­න්ටත් ඒ ගැන ස්තුති කළ යුතු­මයි. මම විශ්වාස කරන ස්වභා­ව­ධ­ර්මයේ ආශි­ර්වා­ද­යත් හැම­දා­මත් මට ලැබෙ­නවා.
 
 විවාහ වෙලා වසර දහ­යක් ගෙවු­ණත් බිමල් - සුජානිගේ ආද­රය හැම­දා­මත් නැවුම් බවයි බොහෝ දෙනා කියන්නේ?
අපේ ආදරේ ඉස්ස­ර­ටත් වඩා වැඩි වෙලා කිය­ලයි මට දැනෙන්නේ. අපි පරි­ණත වෙද්දි දේවල් හිතන පතන විදිහ වෙනස් වෙනවා. ඉතින් ආද­රය කරන්න ගත්තු කාලෙ­ටත් වඩා පර­ිණත වීමෙන් ලබන ඒ අව­බෝ­ධය එක්ක ආද­රය තවත් වැඩි වෙනවා.
 

Comments