ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න රිය අනතුරකින් මිය යයි | Page 2 | සිළුමිණ

ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න රිය අනතුරකින් මිය යයි

ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ.
 
ඊයේ  (30 රාත්‍රි සිදු වී ඇති අනතුරින් හයසින්ත් මහත්මිය මිය ගොස් ඇත
 
ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී අදාළ අනතුර සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි
 
ඇය ගමන් ගත් වෑන් රථය නුවරඑළිය - තලවකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
 
මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.
 
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ළිඳුල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

Comments