කහ­තු­ඩුවේ මිනු­ව­න්විල පාරේ අන­තු­රු­දා­යක තාප්ප­යක් | Page 2 | සිළුමිණ

කහ­තු­ඩුවේ මිනු­ව­න්විල පාරේ අන­තු­රු­දා­යක තාප්ප­යක්

දිනකට 500 කට අධික පිරිසක් එහා මෙහා යන කහතුඩුව මිනුවන්විල පාරේ රෙජිස්ට්‍රාර් කාර්යාලයට හැරෙන ස්ථානයේ ඇති අබලන් හා ඉරිතලා ඇති පැරණි තාප්පය මිනුවන්විල මාර්ගයට පෙරළී එහි යන එන අය තුවාලවීමේ දැඩි අනතුරුදායක තත්ත්වයක් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව නිසා එම තාප්පයේ ගල් කිහිපයක් ගැලවී ඇති අතර තාප්පයේ ඉරිතලා ඇති කොටසට පොල් ගසක් ද හේත්තුවී තිබීම නිසා මෙම තාප්පයේ අනතුරුදායක බව තවදුරටත් වැඩිව තිබේ. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් හෝමාගම ප්‍රාදේශීය සභාවට පැමිණිලි කර ඇත.‍

Comments