කෝටි 600 ක මුදලක් ගිණුම් පහක පවත්වා ගත් කාන්තාවක් අත්අඩංගුවට | සිළුමිණ

කෝටි 600 ක මුදලක් ගිණුම් පහක පවත්වා ගත් කාන්තාවක් අත්අඩංගුවට

බැංකු ගිණුම් පහක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි 600 ක් උපයා ගත් කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත
 
මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
 
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41ක් වු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය මඟින් ලබාදුන් තොරතුරු මත එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ කාන්තාවගේ ගිණුම්වලට මුදල් බැර කළ පුද්ගලයින් පිළිබඳව ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
 
ඔවුන් බොහෝදෙනෙක් ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයින් බවට අනාවරණය වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 

Comments