TECNO නව­තම මාදි­ලිය CAMON 17 ළඟ­දීම වෙ‍ෙළ­ඳ­පො­ළට | සිළුමිණ

TECNO නව­තම මාදි­ලිය CAMON 17 ළඟ­දීම වෙ‍ෙළ­ඳ­පො­ළට

ලොව වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන TECNO සිය නවතම දුරකථන මාදිලිය වන CAMON 17 ළඟදීම වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කරඇත. Android මෙහෙයුම් පද්ධතිය පදනම් කරගත් මෙම දුරකථන වලට අතිනවීන අංග රැසක් ඇතුළත් වී තිබේ. Android11, HIOS 7.6 OS සහිත මෙහි MediaTek Helio G85 (12 nm) chipset සමඟ Octa-core (2x2.0 GHZ Cortex-A75 & 6/18 GHz Cortex-a55) ප්‍රොසෙසරයක් යොදා ඇත. 48MP ප්‍රධාන කැමරාව සහ 16MP කැමරාව උසස් තත්ත්වයේ ඡායාරූප ලබාදීමට සමත් වන අතර, මිලිමීටර් 9 ක් වැනි සිහින් නිමාවකින් යුත්, පහසුවෙන් අතෙහි රඳවාගත හැකි ලෙස නිමවා ඇති මෙය ආකර්ෂණීය Frost Silver වර්ණයෙන් ලබාගත හැකි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් TECNO Mobile – Sri Lankaහි අධ්‍යක්ෂ Ray Zhao මෙසේ පැවසී ය. Òඅපගේ නවතම CAMON 17 මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්. CAMON 17 යනු සාමාන්‍ය පාරිභෝගිකයන්ට හොඳින් ගැළපෙන, අලංකාර, සහනදායී මිලකට ලබාගත හැකි ස්මාර්ට් දුරකථනයක් ලෙස හඳුන්වා දිය හැකියි.

ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රොසෙසරයක් මෙයට යොදා තිබෙනවා. එහි හුරුබුහුටි නිමාව සමඟ විශිෂ්ට ඡායාරූප හැකියාව එය භාවිතා කරන්නන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදේවි.

Comments