Prime Amber Skye, Negambo සුඛෝ­ප­භෝගී නිවාස පාරි­භෝ­ගි­ක­යන් වෙතට | Page 2 | සිළුමිණ

Prime Amber Skye, Negambo සුඛෝ­ප­භෝගී නිවාස පාරි­භෝ­ගි­ක­යන් වෙතට

 දේපළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් සමූහය, සයුර අබියස ඉදි කෙරන සිය නවතම සහ 43 වන සුඛෝපභෝගි සහාධිපත්‍ය නිවාස (condominium) ව්‍යාපෘතිය වෙළෙඳපොළට හඳුන්වාදෙයි. දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිත මීගමුව Hotel Road හි ඉදිවන මෙම මනරම් සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium) ව්‍යාපෘතිය Amber Skye Residencies ලෙස නම් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ සුඛෝපභෝගී සහාධිපත්‍යය නිවාස සංකීර්ණ ද්විත්වයක් ඉදිකෙරන අතර එක් නිවාස සංකීර්ණයක් මහල් 19කින්ද අනෙක් නිවාස සංකීර්ණය මහල් 7කින් සමන්විත වේ.

Amber Skye Residencies සහාධිපත්‍යය නිවාස සංකීර්ණය (condominium) යටතේ ඉදිවන මුළු සුඛෝපභෝගී නිවාස සංඛ්‍යාව 145කි. නිදන කාමර 1 සිට නිදන කාමර 3ක් දක්වා විහිදුනු නවීන මාදියේ සැලසුම් සහිත සුඛෝපභෝගී නිවාස පාරිභෝගිකයින්ට තෝරා ගැනීමට මෙහිදී අවස්ථාව හිමිවන අතර වසර තුනක් දක්වා පහසු ගෙවීම් සැලසුමක් ද ලබා දෙයි. රුපියල් මිලියන 19.5න් ඇරඹෙන ආකර්ෂණීය මිල ගණන් යටතේ ජූලි 17 වැනි දා සිට Amber Skye Residencies අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගිකයින් වෙත විවෘත කෙරිණ.

මේ සඳහා සම්බන්ධ වීමට කැමති පාරිභෝගිකයින්ට 1353ට ඇමතුමක් ලබා දීමෙන් හෝ ප්‍රයිම් රෙසිඩන්සීස් ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වී අදාළ ලියාපදිංචිය සිදු කළ හැක. Amber Skye Residencies ව්‍යාපෘතිය 2024 වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කර පාරිභෝගිකයින් අතට පත් කිරීමට ප්‍රයිම් සමූහය අපේක්ෂා කරයි.

Comments